ජලය යනු සියලුම ආකාරයේ ජීවයේ පැවැත්ම තීරණය කරන මහා සාධකයක් වී ඇති අතර ඒ පිළිබඳව වැඩිපුර ලිවීම පවා අනවශ්‍ය කාරණයක් වෙනවා.

ජලය යන පදාර්ථය එතරම්ම වැදගත් ප්‍රභවයක් වන අතර මේ නිසා මිරිදිය ක්‍රමවලින් බැහැරට ගොස් වෙනත් විකල්ප හරහා මිරිදිය ජලය, එනම් අප සාමාන්‍යයෙන් භාවිතා කරන ජලය නිපදවීමට පර්යේෂකයින් උත්සුක වන්නේ අදක-ඊයෙක සිට නොවේ.

වියළි වාතයෙන් මිරිදිය ජලය නිස්සාරණය කල හැකි තාක්ෂණයක් පිලිබඳව වන පර්යේෂණ ද බොහෝ ඈත කාලයකට දිවයන්නක් වන අතර එය යම් මට්ටමකට සාර්ථක කරගැනීමට මේ වන විට MIT සරසවියේ (Massachusetts Institute of Technology - එනම් බ්‍රිතාන්‍යයේ Cambridge, Massachusetts හි පිහිටා ඇති Private research university එකක්) පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මේ සඳහා නව උපකරණක් නිපදවීමට මොවුන් සමත් වී ඇති අතර මෙහි මුල් අදියරේදී භාවිතා කල තාක්ෂණයට වඩා දෙවන අදියරේදී තාක්ෂණය වැඩිදියුණු කිරීම තුළින් වියදම අඩුකර ගැනීම හා එමඟින් ලබාගන්නා ජලපරිමාවද වැඩිකර තිබෙනවා.

මෙහිදී උපකරණය මඟින් සරලව සිදුකරනු ලබන්නේ උපකරණයේ ඇති absorb layer එකක් මඟින් වියළි වාතයේ ජලබිඳිති උරාගැනීම හා හිරුඑළිය මඟින් එම layer එක රත්කර උරාගත් ජලබිඳිති, ජලය ලෙස පිටකිරීමයි.

ජල බිඳිති උරා ගැනීම සඳහා මෙම උපකරණය රාත්‍රිය පුරාම එළිමහනේ තබා තිබෙන අතර පසුදින හිරුඑළිය absorb කරගන්නා layer මඟින්, හිරු එළිය අවශෝෂණය කර ගන්නා අතර එමගින් එම layer එක රත් වීම සිදුවනවා.

මේ නිසා පහළින් ඇති condenser එක හා මෙම layer එක අතර ඇතිවන වායු උෂ්ණත්වය වෙනස නිසා ජල බිඳිති උරා ගත් layer එකෙන් ඒවා නිදහස් කරන අතර එම ජලය වෙනත් භාජනයකට එකතු කරගත හැකි වෙනවා.

මෙහි මුල් අදියර සඳහා භාවිතා කරනු ලැබූ absorb materials මිල අධික හා සීමිත සැපයුම් සහිත ඒවා වන නමුත් දෙවන අදියරේදී මිලෙන් අඩු සුලභ material එකක් වන Zeolite නම් material එක භාවිතා කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙම දෙවන අදියරයේදී උපකරණයේ අභ්‍යන්තර සැකැස්ම ද වෙනස් කර ඇති අතර එය මුල් සැකැස්මට වඩා උෂ්ණත්වය සංසරණය වීම හා ජල බිඳිති උරාගැනීම අතින් වඩා කාර්යක්ෂම එකක් වෙනවා.

කොහොම නමුත් වාතයේ ආර්ද්‍රතාවය, හිරුඑළියේ ක්‍රමවත් බව ආදිය මත මෙහි ක්‍රියාවලිය වෙනස් වන බවද මෙම පර්යේෂකයින් පෙන්වා දෙනවා.

කෙසේ වුවත් දැනටම මීදුම තුළින් ජලය නිපදවාගන්නා ප්‍රදේශ ලොව පුරා ඇති අතර මෙම උපකරණය වැදගත් වන්නේ ඉතාම අඩු ආර්ද්‍රතා මට්ටමකදී පවා ජලය නිපදවීමට මෙම උපකරණයට හැකිවීම නිසාවෙනුයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Scitecdaily වෙබ් අඩවිය සහ SlashGear වෙබ් අඩවිය භාවිතා කළ හැක.