ඔයා නිතරම Internet එකේ ඉන්නවා නම් ගොඩක් තැන් වලදී ඔයාට සිද්ධ වෙලා ඇති ඔයා robot කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න කියලා එන challenges. ගොඩක්ම වෙලාවට මාර්ග සංඥා තියන කොටු ටික විතරක් select කරන්න කියලා එහෙම තමයි තියෙන්නේ. reCAPTCHA කිවුවට දන්නේ නැත්තම්, එහෙම කිවුවම මතක් වෙන්න ඇති. මේක මල ඇණයක් වෙන අවස්ථා වලටත් ඕන තරම් මුහුණ දීලා ඇති.

ගොඩක් websites මේ reCAPTCHA භාවිතා කරන්නේ, එයාලගේ services use කරන්නේ ඇත්තටම මනුස්සයෙක් ද එහෙමත් නැත්තම් bot කෙනෙක් (bot කෙනෙක් කියලා කියන්නේ යම්කිසි වැඩක් කරන්න නිර්මාණය කරලා තියන computer program එකක්) ද කියලා අඳුරගන්නයි. මොකද කවුරුත් කැමති නෑනේ තමන්ගේ website එකේ ඇත්ත මිනිස්සු නැතිව, fake profiles පිරිලා තියනවට.

හුඟ දෙනෙක් දන්නේ නැති කරුණක් තමයි මේ reCAPTCHA එක අයිති Google සමාගමට කියන එක. මේක ඉස්සෙල්ලම හදලා තියෙන්නේ Luis von Ahn සහ එයාගේ තවත් මිත්‍රයෝ පිරිසක් එකතු වෙලා. නමුත් 2009 දී Google ලා මේක ගන්නවා.

මේ සතියේ Google ලා ගොඩක් දේවල් ගැන කතා කළා. ඒ අතරින් එක දෙයක් තමයි මේ reCAPTCHA වල ඊළඟ version එක. මේ reCAPTCHA එක බොහොම හොඳ දෙයක් තමයි, නමුත් අපි කවුරුත් කැමති නෑනේ මේවා fill කර කර ඉන්න. අන්න ඒ ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න තමයි මේ පාර Google එක උත්සාහ කරන්නේ.

reCAPTCHA v3

මේ අළුත් reCAPTCHA v3 කියන එකේදී ඔයාගෙන් කිසිම දෙයක් අහන්නේ නෑ, ඒත් ඔයාගේ online හැසිරීම මෙයා රහසේම නිරීක්ෂණය කරලා තේරුම් ගන්නවා ඔයා ඇත්තටම මනුස්සයෙක් ද එහෙමත් නැත්තම් bot කෙනෙක් ද කියලා. මේක වැඩ කරන්නේ ඒ ඔස්සේ ලැබෙන ලකුණු ක්‍රමයකට. ඔයා මනුස්සයෙක් වගේ Internet use කරලා තියනවා නම් ඔයාට ලකුණු 1.0 ක ප්‍රමාණයක් ලැබෙනවා, නමුත් ඔයාගේ හැසිරීම bot කෙනෙකුට සමානයි නම් ඔයාට ලැබෙන්නේ ලකුණු 0 ක්.

මම කලිනුත් කිවුවා වගේ මේ bots ලා හදලා තියෙන්නේ එක් විශේෂ වැඩක් කරන්න. ඒක නිසා එයාලා නිතරම කරන දේවල් වල රටාවක් තියනවා. උදාහරණයකට ගත්තොත් Youtube bot කෙනෙක් කරන්නේ මොකක්හරි ලබා දීපු YouTube video එකකට ගිහින් ඒක බලලා, like කරලා එහෙමත් නැත්තම් comment එකක් දාලා එනවා. දවස තිස්සෙම එකම දේ කරන්නේ. Mouse එක හෙලවෙන්නේ එකම විදිහකට. ඒක නිසා මේක ටිකක් සාර්ථක ක්‍රමයක් වෙයි වගේ. නමුත් මේ ක්‍රමය විතරක් පාදක කරගෙන නෙමෙයි මේක හදලා තියෙන්නේ.‍

ඔයාටත් website එකක් තියනවා නම් දැන් පුළුවන් මේ reCAPTCHA v3 එක test කරලා බලන්න. නමුත් මේක තාමත් beta කියන testing මට්ටමේ තියෙන්නේ. ඒත් ඔයාලාට දැන්මම මේක ඉල්ලුම් කරලා තියන්න පුළුවන්.

මේ reCAPTCHA v3 එක websites වල අයිතිකරුවන්ට ආරක්ෂාව සපයනවා වගේම, ඒ websites භාවිතා කරන අපිටත් ලොකු පහසුවක් වේවි.

Sign Up for reCAPTCHA v3

Source: XDA