Android P කියන්නේ මේ දවස් වල වැඩිපුර කතාබහ කරන මාතෘකාවක්. ඒ වගේම මේ Android P වල අළුතින් ආපු guesture පාදක කරගත් interface system එක කියන්නේ මේ දවස් වල Android fansලාගේ වගේම iPhone fansලාගෙත් විශේෂ කතාබහට ලක් වෙන දෙයක් වෙලා. මොකද iPhone X එකේ මීට ටිකක් සමානකම් දක්වන guestures ටිකක් පසුගිය අවුරුද්දේ එළිදක්වපු නිසා.

මීට ගොඩ කාලෙකට කලින් Palm සමාගමෙන් එයාලගේ Palm webOS එකෙත් මේ වගේම guestures හඳුන්වලා දීලා තිබුණා. නමුත් ඒක අපි මේ කතා කරන්න යන මාතෘකාවට වැඩිය අදාල නැති නිසා, අපි බළමු මේ iPhone X සහ Android P අතරින් කාගේ guesture system එකද වැඩිපුර හොඳ කියලා.

Android P

Android P වලට මේ අළුතින් ආපු guestures system එක තාමත් හරියටම ගැලපෙනවා මදි කියලා තමයි ගොඩක් අයගේ අදහස. ඒ කියන්නේ අපේ Phone වල දැනට තියෙන soft button ටික අයින් කරන්න තරම්, ඒ කියන්නේ iPhone X එකේ තත්ත්වයට තරම් දියුණු වෙලා නැහැ.

Google ලා හඳුන්වා දෙන ලද මේ guestures සහ horizontally scrolling multitasking menu එහෙමත් නැත්තම් හරස් අතට scroll කරන්න පුළුවන් විදිහට සකසන ලද multitasking menu එක සහ ඒකත් එක්ක බැඳුණු animations එහෙම පරණ එකට වඩා හොඳ වුණත් performance අඩු phones වලදී මේක මොන විදිහට බලපාවි ද කියලා තාමත් නිශ්චය කරගන්න විදිහක් නැහැ. නමුත් මේ අළුතින් එකතු වුණු permenent search bar එකයි ඕනම screen එකක ඉඳන් app drawer එක access කරන්න පුළුවන් හැකියාවයි නම් ගොඩක්ම වටිනවා.

ඒ වගේම ගොඩක් Android phones වල ඔයාලා දැකලා ඇති home සඑ back button එක තියෙන්නේ වෙනස් කරන්න බැරි විදිහට. ඒ කියන්නේ screen එකෙන් එළියෙන් තමයි පිහිටලා තියෙන්නේ. නමුත් මේ අළුති system එකට අනුව, back button එක අදාල වෙන්නේ සමහර screens වලට විතරයි. ඒ කියන්නේ සමහර screen වලදී back button එක use කරන්න විදිහක් නැති වෙනවා.

ඒත් එක්කම මේ guestures වලට මාරු වුණා කියලා අපිට screen එකෙන් වැඩිපුර space එකක් ලැබෙන්නෙත් නැහැ. මොකද මේ දැනට තියන soft buttons bar එක අවශ්‍යය අවස්ථා වලදී ආයෙත් මතු වෙන නිසා.

iPhone X

අපිට apps අතර මාරු වෙන්න ඕන වුණාම, ඒකට බාවිතා කරන switching screen එක Apple ලා ගේ එක තරම් user friendly මදි ගතියක් Android P වල තාමත් තියනවා. හැම app එකක්ම එකම වගේ දෙකේම පෙන්නුවත්, මේක scroll කරන process එකේදී Apple ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මොකද සම්පූර්ණ multitasking menu එක වෙනුවට එයාලා පෙන්නන්නේ අදාල apps ටික විතරක් නිසා. ඒ වගේම මේ Android P වල තියන system එක iPhone X එකට වඩා ටිකක් slow ගතියකුත් තියනවා.

හැමදේම මේ විදිහට වෙද්දී, මේකේ හොඳ පැත්තකුත් තියනවා. ඒ තමයි app එකක් close කරන්න ඕන වුණාම Apple වල වගේ preview එක උඩ hold down කරගෙන ඉන්නේ නැතුව, එකපාරින්ම swipe up කලාම close කරන්න පුළුවන්. ඒ වගේම system එකේ ඕනම තැනක ඉඳන් suggested apps ටික access කරන්න iPhone එකට වඩා ගොඩාක් ලේසියි.

කොහොම වුණත් මේ Android P කියන්නේ තාමත් beta මට්මමේ තියන operating system එකක් කියලා අපි අමතක කරන්න හොඳ නෑ. ඒ කියන්නේ final release එක වෙනකොට මේක දැන් තියන තත්වයට වඩා user friendly වෙන්නත් ලොකු ඉඩකඩක් තියනවා. මේක සාර්ථක වෙන්න නම් මේ button පාදක කරගත්තු පරණ navigation system එක සහ guestures පාදක කරගත්තු අළුත් nagivation system කියන දෙකෙන් එකක් තෝරගන්න Google ලාට සිද්ධ වෙනවා.