Real-time translation කියලා කියන්නේ අප බොහෝ වෙලාවට movies වල දකින දෙයක්.

නමුත් ඔන්න දැන්, Google Pixel Buds වගේ Google Assistant සහාය දක්වන headphones වලට Google Translate පහසුකම හරහා මේ real-time translation පහසුකම එකතු කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ හරහා වෙනත් රටක සිටිනා මිතුරෙකුට ඔවුන්ගේ භාශාවෙන්ම කතා කිරීමට අපට අවස්ථාව ලැබෙන අතර, බොහෝ වෙලාවට ඔයා වෙනත් රටක සංචාරයේ යෙදෙන වෙලාවක නම් බොහොම ප්‍රයෝජනවත් වේවි.

කොහොම නමුත් මේ පහසුකම මේ වන තුරු ලැබී තිබුණේ Google Pixel ජංගම දුරකථනයක් සමඟ pair කරන ලද Pixel Buds ව‍ලට පමණක් වන අතර දැන්, ඒ පහසුකම තවදුරටත් ව්‍යාප්ත කිරීමට Google සමාගම කටයුතු කරමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා.

මෙම පහසුකම ලැබෙන භාශා කිහිපය ඇතුලත සිංහල භාශාවද ඇතුලත් කර තිබීම විශේෂ වන අතර පසුගිය ඔක්තෝම්බර් 14 වැනිදා මේ පහසුකමට තවත් අලුත් භාශාවක් ද එකතු කිරීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම මේ වන විට Pixel ජංගම දුරකථන හෝ Pixel Buds වලින් ඔබ්බට ගොස් සියළුම Google Assistant-optimized headphones වලින් මේ පහසුකම භාවිතා කිරීමට හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ වන විට Pixel Buds වලට අමතරව Bose Quiet Control 35 II, Sony WI-1000X, Sony WH-1000XM2, Sony WH-1000XM3 සහ JBL සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන headphones කිහිපයක් හරහා ද මේ පහසුකම භාවිතා කළ හැකි බව දැනගන්නට ලැබෙනවා.

ඉතින් ඔයාටත් මේ Google assistant-optimized headphone එකක් තියනවා නම්, "Hey Google, help me speak {භාශාව}" යනුවෙන් විධානය කර මේ පහසුකම අත්හදා බලන්න පුළුවන්.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා xda-developers වෙබ් අඩවිය, droid-life වෙබ් අඩවිය සහ Pixel Buds Support page එක භාවිතා කළ හැක.