පසුගිය දිනක Facebook හි තිබූ දුර්වලතාවයක් නිසා අති විශාල දත්ත ප්‍රමාණයක් වෙනත් පුද්ගලයින් අතට පත් වූ ප්‍රවෘත්තියක් වාර්ථා කරන්නට කටයුතු කළා ඔබට මතක ඇති.

ඉතින් මෙලෙස hack වීමට භාජනය වූ Facebook ගිණුම් හඳුනාගැනීමට පැහැදිලි ක්‍රමයක් මේ වන තුරු නොතිබණත්, අදාල Facebook account ස්ව්‍යංක්‍රීයව logout වී තිබීම පදනම් කරගෙන එය hack වූ බව තීරණය කරන්නට බොහෝ දෙනා කටයුතු කරනු ලැබුවා.

කොහොම වුණත් මේ වන විට මේ leak වූ දත්ත අතර ඔබේ දත්ත ද ඇතුලත් වී අැත්දැයි දැනගැනීම සඳහා ක්‍රමයක් මෙන්ම අදාල දත්ත පිටවීම හරහා පිටවූයේ ඔබේ කුමන ආකාරයේ දත්ත දැයි දැනගැනීම සඳහා ද ක්‍රමයක් Facebook සමාගම විසින්ම ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Facebook Help Center එකට ගියහොත්, එම පිටුවේ අවසානයේ "Is my Facebook account impacted by this security issue?" යන කොටසෙහි නිවේදනයක් මගින් මේ දත්ත පිටවීම ඔබට කුමන ආකාරයකින් බලපෑවේද යන්න පැහැදිලි කිරීමට ඔවුන් කටයුතු කරනවා.

දත්ත පිටවීමට ඔබගේ ගිණුම ඇතුලත් නොවේ නම්
දත්ත පිටවීමට ඔබගේ ගිනුම හා වෙනත් තොරතුරු ඇතුලත් වී ඇත්නම්

මූලිකව මෙම දත්ත පිටවීම හරහා Facebook පරිශීලකයන් මිලියන 50ක් පමණ ඇතුලත් බවට ප්‍රසිද්ධ වුවද, සත්‍යය වශයෙන්ම මෙලෙස දත්ත පිට වී තිබුණේ මිලියන 29ක් පමණ ගිණුම් වල පමණක් බව පසුව දැනගන්නට ලැබුණි.

මෙම ගිණුම් මිලියන 29 අතුරින්, මිලියන 15ක් දෙනාගේ නම, email ලිපිනය සහ දුරකථන අංකය පිටවී ඇති අතර, ඉතිරි මිලියන 14 දෙනාගේ gender එක, ආගම, location එක පිළිබඳ දත්ත, devices පිළිබඳ දත්ත, ඔවුන්ව tag වී තිබුණු locations සහ like කරන ලද pages වැනි තවත් අතිරේක දත්ත පිටවී ඇති බව Facebook සමාගම ප්‍රකාශ කරනවා.

තවත් පරිශීලකයින් මිලියනයක් පමණ දෙන‍ාගේ ගිණුම් මේ හරහා සොරකම් කර තිබුණත්, අදාල පුද්ගලයින් විසින් ඒවා භාවිතා කිරීමට කටයුතු කර නොමැති බව ද Facebook සමාගම වැඩි දුරටත් පෙන්වා දෙනවා.

කොහොම වුණත් මේ හරහා ඔබේ ගිණුම hack වී තිබුණත්, මේ හරහා Passwords පිට වී නොමැති බැවින් මේ අවස්ථාවේදී ඔබ විසින් කිසිවක් සිදු කිරීමට අවශ්‍යය නොමැති බවත්, අදාල tokens reset කිරීමට Facebook සමාගම දැනටමත් කටයුතු කර ඇති බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවියත්, අප විසින් මේ ගැන පළ කරන ලද විස්තරාත්මක ලිපියත් භාවිතා කළ හැක.