ඔන්න පොරොන්දු උන විදිහටම AI වෙනුවෙන්ම නිෂ්පාදනය කළ ලොව ප්‍රථම පුද්ගලික සුපිරි පරිගණකයෙන් පසුව මම අරන් එනවා කිවුව ලිපියත් අරන් ආවා.

මේ ලිපිය නම් IT, Network වගේම Software Engineering කියන මංතීරු ඔස්සේ ගමන් කරන අයට ගොඩාක් වැදගත්. මේ කියන්නේ ගෙදරට සුපිරි බලවතෙක් අරන් එන්න තියන ක්‍රමයක්, කොහොම උනත් මුලින්ම කියන්න ඕනි මේක බොහොම සරල වගේම ප්‍රාථමිකයි කියලත්, ඒ කොහොම උනත් ඔයාලත් ආස ඇති සුපිරි පරිගණකයක වැඩ කරන්න. මේක හදාගන්න නම් ලේසිත් නෑ, නමුත් බැරිත් නෑ.

මේකට Raspberry Pi 32 ක් සමඟ Master Node එකක් ඒ කියන්නේ Raspberry Pi 32ක ම ක්‍රියා කරවන්න මහ මොළකාරයෙක් වුවමනා වෙනවා. මහ මොළකාරයා විදිහට සාමාන්‍යය Laptop එකක් හෝ Desktop එකක් භාවිතා කරන්න පුළුවන් මීට අමතරව 24 port Network switch දෙකක් අවශ්‍යය වෙනවා.

මේ කියන විදිහට නිර්මාණය කරන සුපිරි බලවතාටගේ HPL peak performance එක 10.13 GFLOPS වෙන අතර භාවිතා කළ හැකි RAM ධාරිතාවය 14.6GB ක් පමණ වෙනවා. ඉතින් 10.13 GFLOPS කියන්නේ Nvidia සුපිරි පරිගණකය ළඟින් වත් තියන්න බැරි තරම් ප්‍රමාණයක් වුනත් මේ පරිගණකය සමාන්තර සැකසුම් බොහොමයක් සඳහා ප්‍රමාණවත් වෙනවා. ඔයාල IT, Network වගේම Software Engineering කරන අය නම් යාළුවොත් එක්ක එකතු වෙලා මේ වගේ පරිගණකයක් හදාගන්න පුළුවන් වේවි. මේ සඳහා Linux භාවිතා කිරීම පිළිබඳ දැනුමත් අවශ්‍යය වෙනවා.

මේකේ Performance 10.13 GFLOPS කියලා දැක්කම නම් ඔයාලට හිතෙයි Radeon™ Pro WX 9100 එකක් ගන්න එක මීට වඩා ලාභදායකයි කියලා. මොකද Radeon™ Pro WX 9100 එකේ Stream Processors 4096 ක් වගේම Peak Single Precision (FP32) Performance එක 12.3 TFLOPs ක් සහ Peak Double Precision (FP64) Performance එක 769 GFLOPs ක් තියනවා නේද කියලා. ඒත් ඒක GPU එකක් වගේම තාමත් HPC සඳහා ස්ථාවර එහෙමත් නැතිනම් stable මෘදුකාංග අවමයි. සමාන්තර සැකසුම් කරන්න ඕන අයට නිර්මාණය කරගන්න පුළුවන් විදිහේ අඩු මිළ සුපිරි පරිගණකයක් වශයෙන් මේ Raspberry Pi සුපිරි බලවතා හදුන්වන්න පුළුවන් වෙන්නේ අන්න ඒ නිසයි.

දැන් ඉතිං යාළුවො 8 දෙනෙක්ට එකතු වෙලා Raspberry Pi 4 ක් එක යාළුවෙක්ට ගේන්න කියලා එක ගෙදරක සුපිරි පරිගණකයක් Host කරලා DDNS කරලා හරි Static IP එකක් අරන් හරි යාළුවො 8 දෙනාටම භාවිතා කරන්න ගෙදරම සුපිරි පරිගණකයක් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ සුපිරි පරිගණකයේ හැම Node එකකටම 64GB Flash Drives එකතු කරලා කුඩා Data Center එකක් වුනත් හදාගන්න පුළුවන්.

Network කරන අයට නම් සුපිරි Proxy එකක් එහෙමත් නැතිනම් සුපිරි DNS Server එකක් හරි තමන්ගෙම කියලා Cloud එකක් හරි හදාගන්නත් පුළුවන්.

ඉතින් මේ වගේ දේවල් හොයන අයට දැනගන්නත් එක්ක වගේම තවත් මේ වගේ News අරන් එන්නත් මේක Share කරන්න අමතක කරන්න එපා.

More information: http://www.bitscope.com