1976 වර්ෂයේදී Apple සමාගම විසින් නිෂ්පාදනය කෙරුණු Apple සමාගමේ පළමුවැනි පරිගණක මාදිලිය වූ Apple-1 Personal Computer එකක් මේ වන විට ඇමරිකානු ඩෙ‍ාළර් 500,000ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම පරිගණකය සමඟින් එහි original NTI motherboard එක, cables, programming manuals, Panasonic monitor එක සහ Apple-1 software කැසට් පට දෙකක් ද ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මෙම පරිගණක මාදිලිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍යය මුදල් ලබාගැනීමට Apple සමාගමේ සම-නිර්මාතෘ වන Steve Jobs ඔහුගේ VW Microbus එක සහ, Steve Wozniak ඔහුගේ HP-65 calculator එක ඩොළර් 500කට විකුණාදැමීමට කටයුතු කර තිබෙනවා.

මේ Apple-1 පරිගණකය 1976 වර්ෂයේදී ඩොළර් 666.66ක මුදලකට වෙළඳපොලට නිකුත් කෙරුණු අතර, ලොව පුරා ඇති මෙම පරිගණක වලින් මේ වන විටත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ මෙවැනි පරිගණක 20ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් වාර්තා වෙනවා.

කෙසේ නමුත් මෙලෙස අධික මිලකට අලෙවි වුණු පළමු Apple-1 පරිගණකය මෙය පමණක් නොවන අතර, 2014 වර්ෂයේදී New York හි පැවති වෙන්දේසියකදී තවත් Apple-1 පරිගණකයක් ඩොළර් 905,000ක මිලකට අලෙවි වී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Apple Insider වෙබ් අඩවිය සහ Johnmoran වෙබ් අඩවිය භාවිතා කළ හැක.