ජනප්‍රිය open-source Web Browser එකක් වන Firefox Windows 11 හි Microsoft Store එක වෙත ගෙන ඒමට Mozilla Foundation එක මේ වන විට කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම මීට පෙර Microsoft සමාගම ඔවුන්ගේ Store එකට Microsoft Edge හැර වෙනත් Web Browsers ඇතුලත් කිරීමට ඉඩ දී නොතිබුණු නමුත්, මෑතකදී සිදු කළ Microsoft Store හි ප්‍රතිපත්ති ලිහිල් කිරීම නිසා මෙලෙස 3rd party Web Browsers එකින් එක Microsoft Store එක තුලට එකතු වනු දැකතගත හැකි වෙනවා.

විශේෂයෙන්ම මේ වන විටත් Opera සහ Firefox යන Web Browsers මෙලෙස Microsoft Store එක හරහා ලබාගත හැකි නමුත්, Google ආයතනය තවමත් Chrome ඇතුළුව ඔවුන්ගේ කිසිඳු app එකක් Microsoft Store එකට ඇතුලත් කර ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.

කෙසේ නමුත් මීට පෙර ඔබ Windows මත Firefox install කිරීමට පියවර කිහිපයක්ම සිදුකළ යුතු වූ නමුත් මේ වන විට සියලුම පරිශීලකයින්ට මෙම Firefox Web Browser එක Microsoft Store හරහා පහසුවෙන් install කරගැනීමේ හැකියාව ලැබෙනවා.

Windows 11 store එක හරහා ලබාගත හැකි Firefox version එක අන්තර්ජාලය හරහාද ඔබට ලැබෙන Firefox version එකට සමාන වුවද Microsoft Store එක හරහ එහි සියලුම updates නොලැබෙන බවට වාර්තා වෙයි. කෙසේ වෙතත් ඔබට තවමත් download කරගත හැක්කේ එහි stable version එක පමණි. ඔබට එහි previews අවශ්‍ය නම් ඔබට ඒවා අන්තර්ජාලය හරහා download කර install කරගත යුතුය.

දැන් Mozilla Firefox desktop version ලබාගත හැකි වුවද, ඔබට Mozilla Firefox ඔබේ default browser එක ලෙස සැකසීම සඳහා Mozilla Foundation එක විසින් ලබාදී තිබුණු one-click option එක මේ Windows Store එක හරහා ලබාදෙන සංස්කරණයෙහි නොමැති බව වාර්තා වෙනවා.

Mozilla Firefox Windows 11 සහ Windows 10 සඳහා Microsoft Store හරහා දැන් ලබාගත හැක. කෙසේ වෙතත් Microsoft Store එක තුළ තවමත් වැඩකට නැති apps සහ පරිශීලකයින් නොමඟ යවන සුළු apps විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන නිසා, නිවැරදිම Mozilla Firefox app එකම ලබාගැනීමට වග බලා ගන්න.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Pure Info Tech වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.