PlayerUnknown’s Battlegrounds, එහෙමත් නැතිනම් PUBG මේ වන විට ලෝකය පුරාම මෙන්ම අපේ රට තුලත් ඉතාමත් ජනප්‍රිය video game එකක් බවට පත් වෙලා තියනවා.

කොහොම වුණත් මේ PUBG play කරන පිරිසගෙන් වැඩි දෙනෙක් play කරන්නේ PUBG Mobile version එක වන අතර PC එක හරහා emulator එකක් භාවිතා කර මේ mobile version එක play කිරීම ද මේ වන විට ජනප්‍රිය අංගයක් වෙලා තියනවා.

මෙයට ප්‍රධාන හේතුව වශයෙන් සළකන්න වෙන්නේ මේ PUBG වල ඇත්තම PC version එක Steam හරහා ඩොලර් 30කට ආසන්න මුදලක් ගෙවා මිලදීගැනීමට සිදුවීම සහ ඒ වෙනුවෙන් සාමාන්‍යය තරමේ gaming PC එකක් අවශ්‍යය වීම බව අමුතුවෙන් කිවයුතු නැහැ.


කොහොම නමුත් ඔන්න දැන් මේ PUBG ආයතනය විසින් ඔවුන්ගේ අලුත්ම PUBG PC Version එකක් වන PUBG Lite version එක අත්හදා බළමින් පවතින බව දැනගන්නට ලැබෙනවා.

මේ අලුත් Lite version එක සාමාන්‍යය PUBG PC version එකට සම්බන්ධයක් නොමැති අතර මෙය වෙනනම developer team එකක් විසින් නිර්මාණය කරනු ලබන අතර මේ හරහා සාමාන්‍යය පරිගණකයක නොමිලයේ PUBG play කිරීමේ අවස්ථාව ක්‍රීඩකයන් හට හිමි වෙනවා.

කොහොම නමුත් තවමත් මේ Lite version එක beta පරීක්ෂණ මට්ටමේ තිබෙන අතර පරීක්ෂාකිරීමේ අවස්ථාව ලබා දී තිබෙන්නේ ද තායිලන්තයට පමණක් බව වාර්ථා වෙනවා.

Erangel map එක

එමෙන්ම දැනට මෙහි අන්තර්ගත වන්නේ Erangel map එක පමණක් බවත්, මේ පරික්ෂාකිරීම් වලින් ලැබෙන දත්ත සළකා බැලීමෙන් අනතුරුව මෙය තවත් රට වලට ව්‍යාප්ත කිරීමටත් ඔවුන් සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.


සියළුම platform වල දැනට පවතින PUBG versions හරහා පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.035ක ආදායමක් ලැබීමට මේ PUBG සමාගම සමත් වී තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ PUBG Blog එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.