2017 වර්ෂයේදී ඉදිරිපත් කළ නඩුවකට ලබා දුන් තීන්දුවක් ලෙස ලොව පුරා ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබුණු audio ripping website එකක් වන Convert2MP3 වෙබ් අඩවිය වසා දැමීමට මේ වන විට කටයුතු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

බොහෝ වෙලාවට YouTube හෝ වෙනත් streaming link එකක් භාවිතා කරමින්, ඒවායේ පවතින music tracks වෙනම download කරගැනීමට මෙම වෙබ් අඩවිය භාවිතා වූ අතර එය නීති විරෝධී කටයුත්තක් බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

ජර්මනිය පදනම් කරගෙන පවත්වාගෙන ගිය මේ වෙබ් අඩවියට පසුගිය වසර ඇතුලත මිලියන 684ක් පමණ visits ප්‍රමාණයක් ලැබී තිබුණු මේ වෙබ් අඩවිය ඉදිරියේදී recording companies වල අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයේ කිසිඳු කටයුත්තක් නොකරන බවත්, අදාල වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කරනු ලබන බවත් එම ආයතනය ප්‍රකාශ කර සිටින බව International Federation of the Phonographic Industry (IFPI) ආයතනය විසින් නිළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

Convert2MP3 වෙබ් අඩවිය

මේ අනුව වන්දි මුදලක් ගෙවීමට හා Convert2MP3 සේවාවට අයත් domain name සියල්ලම IFPI එකට බාර දීමට නියෝග කර ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වමින් IFPI හි විධායක නිළධාරියෙකු කියා සිටියේ stream ripping, එහෙමත් නැතිනම් stream කරනු ලබන content download කිරීම සමස්ථ music ecosystem එකට ම තර්ජනයක් වන බවත්, මෙවැනි වෙබ් අඩවිය හරහා කළාකරුවන් හට ලැබිය යුතු මුදල් මෙන්ම music industry එකට ආයෝජනය කරනු ලබන මුදල් ද වෙනත් මාර්ග වලට ගමන් කරන බව පෙන්වා දෙනවා.

convert2mp3.net වෙබ් අඩවිය මේ වන විට වසා දමා ඇති අතර copyright infringement වලට ලබා දුන් නීතිමය නියෝග මත මෙම වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කර ඇති බවට පණිවිඩයක් එහි සඳහන් කිරීමට IFPI ආයතනය කටයුතු කර තිබෙනවා.

මීට අමතරව ලොව බොහෝමයක් රටවල් වල සිට නීත්‍යානුකූල ආකාරයෙන් music රසවිඳීම සඳහා භාවිතා කළ හැකි සේවාවන් සහ උපදෙස් අඩංගු වන www.pro-music.org වෙබ් අඩවිය භාවිතා කරන ලෙස පණිවිඩයක් ද පෙන්වීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ IFPI වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.