පසුගිය මැයි මාසයේදී Microsoft සමාගම විසින් ඔවුන්ගේ command line app වල අලුත්ම සංස්කරණය වන Windows Terminal එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

මේ අලුත් Terminal එක හරහා සාමාන්‍යය command prompt එක, PowerShell එක සහ Windows Subsystem for Linux (WSL) පද්ධතියක් භාවිතා කරනවා නම්, ඊට අදාල මෙහෙයුම් පද්ධතියේ terminal එක access කිරීමේ හැකියාව ඇතුළු තවත් පහසුකම් රාශියකින් සමන්විත වෙනවා.

මෙය එළිදක්වා දිනක් ඇතුලත එහි source code එක GitHub එකට upload කිරීමට Microsoft සමාගම කටයුතු කළ නමුත් එය භාවිතා කිරීමට නම් මේ source code එක ගෙන, එය තනිවම compile කරගැනීමට developer වරුන් හට සිදු වුණා.

කොහොම නමුත් අද දින Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා Windows Store එක හරහා download කරගත හැකි app එකක් ලෙස මේ අලුත් Windows Terminal එක නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අලුත් terminal එක හරහා web browser එකක මෙන් terminal tabs open කරගත හැකි අතර, එහි ඇති JSON file එකක් edit කිරීම හරහා theme එක හා background එක වෙනස් කිරීම වැනි options රාශියක් භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

එමෙන්ම මේ terminal එක GPU-based text rendering, එහෙමත් නැතිනම් text පෙන්වීම සඳහා GPU එක සහ DirectX භාවිතා කරනු ලබන නිසාවෙන් emoji වැනි graphics ද terminal එක හරහා පෙන්වීමේ හැකියාව ද ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා නිළ Microsoft DevBlog එක භාවිතා කළ හැක. මෙය Download කරගැනීම සඳහා Windows Store එක භාවිතා කළ හැක.