බොහෝ කාලයක් තිස්සේ චීනයේ විශාලතම ජංගම දුරකථන වෙළෙඳ නාමය ලෙස Huawei ඉදිරියෙන් සිටියත්, ඉතිහාසයේ පළමු වතාවට එම ස්ථානය අත්පත් කර ගැනීමට Oppo සමාගම සමත් වී තිබෙනවා.

Counterpoint Research ආයතනයේ නවතම වාර්තාවකට අනුව 2021 ජනවාරි මාසයේදී චීනයේ සමස්ත ඡංගම දුරකතන වෙළෙඳපොළෙන් 21% ක් හිමිකර ගනිමින් පළමුවැනි ස්ථානයට පත් වීමට Oppo සමාගම සමත් වී තිබෙන අතර, 20% ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියමින් Vivo, මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා.

නමුත් Huawei, Xiaomi හා Apple යන අනෙක් ප්‍රධාන වෙළෙඳ නාම තුනම 16% ක් බැගින් වූ වෙළඳපොළ ප්‍රතිශතයන් පමණක් හිමිකරගෙන තිබීම කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර, එයිනුත් Huawei සමාගමේ බිඳවැටීම මැනවින් ප්‍රදර්ශනය වන බව බවට විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

චීනය තුළ මේ වන විට වන විට අලෙවි වන සමස්ත ජංගම දුරකථනයන් වලින් 65% කට වඩා 5G සක්‍රීය කර තිබෙන අතර මේ නිසා චීන දුරකථන බෙදාහරින්නන් Huawei උපාංග වලට වඩා Oppo හෝ වෙනත් 5G enabled device අලෙවි කිරීමට යොමු වෙමින් තිබෙන බව සඳහන් වෙනවා.

එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් 5G උපාංග නිෂ්පාදනයට අවශ්‍ය components ලබාගැනීමට Huawei සමාගමට නොහැකි වීමේ පසුබිම තුළ ඔවුන්ට 5G ජංගම දුරකථන නිෂ්පාදනය කිරීම විශාල අභියෝගයක් වී තිබෙනවා.

Oppo සමාගමට මෙලෙස චීන ජංගම දුරකථන දුරකථන වෙළඳපොළ ආක්‍රමණය කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස වන අතර මේ වන විට Oppo සමාගම විසින් එම හිඩැස පුරවමින් සිටිනවා.

එක්සත් ජනපද සම්බාධක නිසා ඇතිවී තිබෙන තත්වය හමුවේ Huawei සමාගමට සිය Sub brand එකක් වූ Honor brand එකද පසුගියදා විකුණා දැමීමට සිදු වූ අතර, මේ වන විට චීනය තුළ පිහිටුවා ඇති 10,000 ක් පමණ වූ නිල Huawei අලෙවිසැල් ද ටිකෙන් ටික අඩු වෙමින් පවතින බව Gizmochina වෙබ් අඩවිය වාර්තා කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Counterpoint Research වෙබ් අඩවිය භාවිතා කළ හැක.