ගිය අවුරුද්දේ Oppo Find X ස්මාර්ට්ෆෝන් එක වගේම, මේ අවුරුද්දෙත් Oppo ආයතනය විසින් Oppo Reno කියන 5G flagship device series එක දැනට දවස් කිහිපයකට කලින් එලිදැක්වුවා.

Reno series එක Reno සහ Reno 10x Zoom Edition ලෙස මූලික වශයෙන් editions දෙකකින් අපිට දැකගන්න ලැබෙන අතර Reno 10x Zoom Edition එකේදි main feature එකක් විදියට දකින්න ලැබෙන්නේ නමින් ප්‍රකාශ වන ලෙසම, 10x zooming capability එකයි.

පසුපස කැමරා 3ක් සහිත මේ ස්මාට්ෆෝන් එකේ 48MP IMX587 F/1.7 (OIS, EIS, HIS) + 8MP Wide Lense + 13MP Telephoto Lens කියන වර්ග වල කැමරා දකින්න ලැබෙනවා.

ඒ වගේම අනෙක් සුවිශේශි feature එකක් විදියට 16MP Pivot Rising Camera එකක් front cam එක විදියට භාවිතා වෙනවා. ටිකක් වෙනස් විදියට ඉහලට එසවෙන Oppo Reno rising camera එක ෆෝන් එකේ උඩ කොටස පුරා විහිදිලා තියෙනවා වගේම, ඇදේට pop up වෙනවා දකින්න පුලුවන්.

Vivo V15, Oppo F11 pro වල වගේ front camera එක විතරක් තියෙන පුංචි කොටසක් pop up වෙන්නෙ නැති නිසා Oppo Reno එකේ rising camera එක පසුපස කොටසට Main (Rear) Camera වල Flashlight එක add කරලා තියෙනවා.

10x edition එකේ 6.6 inch Panaromic OLED display එකක් සහ Snapdragon 855 processor එක වගේම 4065mAH battery එකක් අන්තර්ගත වෙනවා.

Reno Standard edition එකේ 6.4 inch OLED display එකක් සහ Snapdragon 710 chipset එකක් වගේම 3680mAh Battery එකක් අන්තර්ගත වෙනවා.

කොහොම නමුත් මෙහි 48MP (F1.8) + 5MP DOF camra දෙකක් පමනක් පසුපස දකින්න ලැබෙන අතර zooming capability එක දකින්න ලැබෙන්නෙ නෑ. 16MP Pivot Rising Camera එක මෙහිදීත් front cam එක ලෙස භාවිතා වෙනවා.

Standard Edition එකේ සහ 10x Zoom Edition එකේ දකින්න ලැබෙන සමානකම් විදියට, In display fingerprint + face unlock පහසුකම්, NFC, VOOC 3.0 type C fast charging, 6/8 GB RAM, 128/256 GB Storage සහ Android 9.0 (Pie) සංස්කරණය වැනි දෑ අන්තර්ගත වෙනවා.

Fog sea green, Extreme night black, Mist powder, Nebula purple යන වර්ණ 4කින් මේ ස්මාට්ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

මිල ගනන් ගැන සදහන් කිරීමේදී Reno Standard එක ඇමෙරිකානු ඩොලර් 450 - 540 අතර මිළකටත්, Reno 10X Zoom Edition එක ඇමෙරිකානු ඩොලර් 600 - 710 දක්වාත් වන බව දැනට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ස්විස්ටර්ලන්තයේ Zurich හිදී මේ මස 24 වන දින පැවැත්වෙන Global Launch Event එකේදි හරියටම Oppo Reno Smartphone Series එකේ global price ranges දැනගැනීමට හැකියාව ලැබේවි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා PhoneRadar වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.