OnePlus සමාගමේ පාරිභෝගිකයන් පිරිසකගේ ඇනවුම් පිළිබඳව වන තොරුතුරු වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇති බව නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කිරීමට OnePlus සමාගම කටයුතු කර තිබෙනවා.

මේ හරහා අදාල ගණුදෙනුකරුවන්ගේ නම, දුරකථන අංකය, ලිපිනය සහ email ලිපිනය අනාවරණය කරගැනීමට මොවුන් සමත්වී ඇතත්, කිසිඳු payment පිළිබඳව වන තොරතුරක් හෝ password සහ account එකෙහි ආරක්ෂාවට අදාල වෙනත් කිසිඳු ‍තොරතුරක් ‍ලබාගැනීමට ඔවුන් හට හැකියාවක් නොතිබූ බවටත් OnePlus සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Security Notification
This is Ziv, from the Security team. We want to update you that we have discovered that some of our users’ order information was accessed by an...

මෙම සිදුවීමට අදාල පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවත්, ඔවුන් සියළුදෙනා හට මෙම සිදුවීම පිළිබඳව email මගින් දැනුවත් කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් මෙයට මුහුණ දුන් ගණුදෙනුකරුවන් හට ඉදිරියේදී spam email සහ phishing email ලැබීමේ සම්භාවීතාවයක් පවතින බවටත්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් අදාල ගණුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටීමට OnePlus සමාගම කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ OnePlus වෙබ් අඩවිය, නිළ OnePlus forum එක, The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.