සුප්‍රසිද්ධ Ookla සමාගමේ වාර්තාව අනුව, 2020 සැප්තැම්බර් මාසය වන විට ලොව mobile data speed ලැයිස්තුවේ 102 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති අතර, මීට පෙර එය 101 වැනි ස්ථානයෙහි රැඳී තිබුණා.

එමෙන්ම අසල්වැසි ඉන්දියාව 2019 වසරේ mobile data speed ලැයිස්තුවෙහි රැදී සිටි ස්ථානයට වඩා ස්ථාන දෙකක් පහළට වැටී තිබෙනවා.

එනම් 2020 සැප්තැම්බර් මාසයට අදාළව නිකුත් කළ මෙම ලැයිස්තුවේ ඉන්දියාව 131 වන ස්ථානයෙහි රැදී සිටින අතර නේපාලය හා පාකිස්තානය පිළිවෙලින් 116 හා 117 වන ස්ථාන වලට පත් වී තිබෙනවා.

මෙම වාර්තා අනුව, ශ්‍රී ලංකාවේ average mobile data speed එක 19.95 Mbps ලෙස දැක්වෙන අතර ඉන්දියාවේ එම අගය 12.07 Mbps ලෙස සටහන් වෙනවා.

එමෙන්ම mobile data speed index එකට අනුව ශ්‍රී ලංකාවේ upload speed එක 10.01 Mbps ලෙස වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ Internet latency එක සටහන් වන්නේ 26ms ලෙසයි.

මෙම තත්වය අනෙක් දකුණු ආසියාතික රටවල් හා සංසන්දනය කිරීමේදී ඉතා හොඳ අගයක් වන අතර ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ mobile data speed එක අතින් පළමු ස්ථානයට පත් වූ රටද වෙනවා.

121 Mbps අගයක් වාර්තා කරමින් දකුණු කොරියාව මෙම ලැයිස්තුවෙහි පළමු වන ස්ථානයට පත් වී තිබෙන අතර චීනය දෙවන ස්ථානයටත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුන්වැනි ස්ථානයටත් පත් වී තිබෙනවා.

ලොව දෙවන විශාලතම ජංගම දුරකථන වෙළඳපල හිමි ඉන්දියාව තවමත් අනෙකුත් ආසියාතික රටවලට වඩා පිටුපසින් සිටීම කැපී පෙනෙන කරුණක් වන අතර ඉන්දීය mobile data සේවා සපයන්නන්ගේ මූල්‍යමය තත්වය යහපත් නොවීම මෙන්ම විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට සිදුවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව වාර්තා වෙනවා.

සමස්තයක් ලෙස ගත් කල ලෝකයේම mobile data speed දත්තවල download speed එක 35.96 Mbps ලෙසත්, upload speed එක 11.22 Mbps වේගයක් ලෙසත් වාර්තා වන අතර internet latency එකෙහි සාමාන්‍යය අගය 40ms ලෙස වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Speed Test වෙබ් අඩවිය භාවිතා කළ හැක.