Starkink ව්‍යාපෘතිය ඇතුළුව ලෝකප්‍රකට Tesla සමාගම විසින් සිදුකරන නවෝත්පාදන පිළිබඳව අපි ඔබට නිරන්තරයෙන් තොරතුරු රැගෙන ආවා මතක ඇති.

අද අපි ඔබට කියන්නට යන්නේ තවත් එවැනිම Tesla සමාගමේ නවෝත්පාදනයක් පිළිබඳව වන අතර එය Solar Power Rof tile එහෙම නැතිනම් සූර්ය පැනල බවට පත්කර තිබෙන වහලවල් සෙවිලි කළ හැකි උළු කැට පිළිබඳවයි.

Tesla සමාගම විසින්ම මෙම තාක්ෂණය පිළිබඳ පරීක්ෂණ සිදු කරනුයේ වසර ගණනාවක සිට වන අතර පසුගියදා Tesla සමාගමේ 2020 වර්ෂයේ තුන්වන කාර්තුවේ ආදායම් ප්‍රගති සමාලෝචන අවස්ථාව අමතමින් Elon Musk මහතා ප්‍රකාශ කළේ මෙම Solar power tile ලබන වසරේදී killer product එකක්, එහෙමත් නැතිනම් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වන නිෂ්පාදනයක්, බවට පත්වනු ඇති බවයි.

මෙම Solar power tile දැනට තිබෙන වහලය වෙනුවට ආදේශ කළ හැකි අතර එමඟින් සූර්ය ශක්තිය උකහා ගනිමින් සූර්ය ශක්තිය ඔස්සේ විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.

මෙය පෙනුමින් සාමාන්‍යය උළු කැටයකට බෙහෙවින් සමාන වන නමුත් සාමාන්‍යය උළු කැටයකට වඩා තුන් ගුණයකින් පමණ සවිමත් බවත්, සෑම කාළගුණ තත්ත්වයකටම ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇති බවත් Tesla ආයතනය පෙන්වා දෙනවා.

මේ සඳහා වසර 25ක වගකීම් කාලයක් ද Tesla සමාගම විසින් ලබාදෙනු ලබන අතර, සාමාන්‍යය වහල ගලවා අලුත් Solar roof එක සවිකිරීම දක්වා සියළුම කටයුතු Tesla ආයතනයේ පුහුණු ශ්‍රමිකයන් සිදු කරනු ලබනවා.

මේ වන විට මේ ආකාරයේ නිවෙස් 400,000කට පමණ මෙම Solar Roofs සවි කර ඇති බවත්, ඒ හරහා ගිගාවොට් 3.6ක පමණ clean solar energy ප්‍රමාණයක් නිපදවනු ලබන බවත්, එය සාමාන්‍යය solar panel මිලියන 10ක් පමණ භාවිතයෙන් නිපදවනු ලබන විදුලි බළයට සමාන වන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Powerwall | Tesla
Powerwall is a home battery designed to store energy from solar or the grid, so you can use it anytime you want—at night or during an outage.

මෙලෙස Tesla Solar Roof එක මගින් නිෂ්පාදන‍ය කෙරෙනු ලබන විදුලි බළය main grid එකට මුදාහැරීම වෙනුවට, අවශ්‍යය නම් එම විදුලි බලය Tesla Powerwall භාවිතා කරමින් නිවසේ පාවිච්චිය සඳහා ගබඩා කර තැබීමේ හැකියාව ද තිබෙන අතර අවශ්‍යය නම් ප්‍රධාන grid එක හරහා මෙම Powerwall එක charge කර, එය backup plan එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ද පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Tesla වෙබ් අඩවිය, Electrek වෙබ් අඩවිය සහ TechTimes වෙබ් අඩවිය භාවිතා කළ හැක.