Nokia යන නම ඇසූ පමණින්ම අපගේ සිතට නැගෙන පළමුවැන් දේ වන්නේ ජංගම දුරකථන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

කොහොම නමුත් මේ වන විට Nokia වෙළඳ නාමය යටතේ Smart TV එකක් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර මෙය ඉන්දියාවේ Flipkart ආයතනය විසින් Nokia brand name එක යටතේ නිෂ්පාදනය කර අලෙවි කිරීමට කටයුතු කරනු ලබනවා.

මේ Nokia Smart TV එක අඟල් 55ක 4K UHD screen එකකින් මෙන්ම JBL sound system එකකින් ද සමන්විත වෙනවා.

Android 9.0 TV operating system එක හරහා බළගැන්වෙන මෙම smart TV එකට 16GB storage එකක්, 2.25GB RAM එකක්, 24 Watt speakers ද්විත්වයක් ද අන්තර්ගත වෙනවා.

මේ TV එකට Dolby Vision සහ HDR10 තාක්ෂණයන් ද අන්තර්ගත වන අතර ඇමෙරිකානු ඩොලර් $589 ක පමණ මුදලකට මිළ නියම කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gadgets 360 වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.