ලොව තෙවන විශාලම වහන නිෂ්පාදකයා වීමට Honda සහ Nissan එකට එක් වෙයි

ලොව ජනප්‍රියම හා ජපානයේ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Nissan සමාගම බංකොලොත් නොවී සිටීමට Honda සමග එක් වෙයි?

කතුවරයා
Varuna Prabhath
Save කරන්න
Share කරන්න
honda-and-nissan-announce-merger
Honda සහ Nissan නව ඒකාබද්ධ වීමක් සඳහා ගිවිසුම්ගත වෙයි.

    ලොව ජනප්‍රියම හා ජපානයේ තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Nissan සමාගම දැනටමත් බංකොලොත් වීමට ආසන්නයේ සිටින බව මීට සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණ බව ඔබට මතක ඇති.

    එම පුවත් වාර්තාවන් හි වැඩිදුරටත් දැක්වුනේ එලෙස බංකොලොත් නොවී සිටීමට නම් Nissan සමාගම ඉක්මනින්ම වෙනත් සමාගමක් සමඟ හවුල්කාරීත්වයක් වෙත යා යුතු වන බවයි.

    Makoto Uchida, Nissan's president and CEO, and Toshihiro Mibe, president of Honda
    Nissan හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Makoto Uchida සහ Honda හි සභාපති Toshihiro Mibe, 2024 දෙසැම්බර් 23 වන දින ටෝකියෝ හිපැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව. Kim Kyung-Hoon/Reuters

    මෙලෙස හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීම අවිනිශ්චිත තත්වයක පැවතියේ Nissan සමාගමේ වර්තමාන මූල්‍ය තත්වය ඉතා නරක මට්ටමක තිබූ නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

    එය එසේ තිබියදී නිසාන් පාරිභෝගිකයින් වෙත සුබවාදී බලාපොරොත්තු රැගෙන එමින් Nissan සහ Honda යන සමාගම් නව හවුල්කාරීත්වයක් ආරම්භ කිරීමට ඇති සුදානමක් පිළිබඳව කරුණු අනාවරණය වුනා.

    මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් Nissan සහ Honda යන සමගම් දෙකෙහිම ප්‍රධානීන් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන අතර, එ අනුව Honda සමාගම විසින් මෙම නව කළමනාකාරීත්වයට නායකත්වය දෙනු ලබන අතර 2026 වන විට ගනුදෙනුව සම්පූර්ණ කිරීමට ද නියමිතයි.

    මෙම ගිවිසුම් ගත වීම සමග Nissan සහ Honda හි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවනු ඇති.

    ඒ සමග මෙම සමාගම් දෙක ලොව තෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වනු ඇති අතර එය Toyota සහ Volkswagen වලට පමණක් පිටු පසින් සිටිනු ඇති.

    විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ පුරෝගාමියෙකු ලෙස Nissan Leaf මෝටර් රථය, Nissan සමාගම විසින් 2010 දී හඳුන්වා දුන්නත් එම කිරුළ රැකගැනීමට Nissan සමාගම අපොහොසත් වී ඇත

    2018 අගභාගයේදී Nissan හි හිටපු සභාපති Carlos Ghosn විසින් සමාගමේ වත්කම් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇති වූ අස්ථාවරත්වය මෙන්ම චීනයෙ නැගී එන EV industry එකට මුහුණ දීමට Nissan සමාගමට නොහැකි වීම, අද වන විට බංකොලොත් වීමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

    මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා sky.comවෙබ් අඩවිය හා global.honda වෙබ් අඩවිය භාවිතා කළ හැක.