මේ වෙනකොට බහුතරයක් දෙනා Facebook සහ Instagram පරිහරණය කරමින් දවසේ වැඩි කාලයක් නාස්ති කර දැමීමට පුරුදු වෙලා ඉන්නනවා.

ඉතින් මේ කියන්න යන්නේ මේ ප්‍රශ්ණයට Facebook සමාගම විසින්ම හදුන්වා දෙන්න කටයුතු කළ විසදුමක් ගැන.

Google සමාගම, Apple සමාගම වගේ ප්‍රධාන සමාගම් 2018 වර්ෂය පුරාවටම digital wellbeing කියන සංකල්පය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්නට කටයුතු කළ අතර ඔන්න දැන් Facebook සමාගමත් මේකට එකතු වෙලා තියනවා.

new-tools-to-manage-your-time-facebook-tech-news-sinhala

මේ අළුතින් නිකුත් කිරීමට නියමිත පහසුකම හරහා ඔයාට පුලුවන් ඔයා දවසක් ඇතුලත කොයි තරම් කාලයක් Facebook පාවිච් කලාද කියලා බලාගන්න.

ඒ වගේම ඔයා දවසක් ඇතුලතදී Facebook එහෙමත් නැත්නම් Instagram පාවිච්චි කරන්න ඕන කාල සීමාවක් සකසන්නත් මේ හරහා ඔයාට අවස්ථාව ලැබෙනවා. ඒ විදිහට කාලය සැකසූ පසුව, ඔයා අදාල වෙලාවට වැඩියෙන් මේ සේවාවන් භාවිතා කරනවා නම් එය notification එකක් මගින් දන්වන්න මොවුන් කටයුතු කරනවා.

facebook-please-i-am-trying-to-work-student-tech-news-sinhala

ඔයා වැඩක් කරන වෙලාවට, එහෙමත් නැතිනම් ඔයා පාඩම් කරන වෙලාවට facebook එකෙන් notification එකක් ආවොතින්, අදාල කටයුත්ත නවත්වලා facebook එකට එන එක අපේ පුරුද්දක් වෙලා. කොහොම නමුත් ඔන්න දැන් ඔයා වැඩ කරන වෙලාව Facebook එකට කලින්ම දැනුම් දීලා තියන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.

මේ විදිහට වැඩ කරන වෙලාව Facebook එකට කලින් දැනුම් දීලා තිබනවා නම්, ඒ කාලසීමාව ඇතුලත ඔබට notification එවීමෙන් වැලකී සිටීමට, එහෙමත් නැතිනම් mute කිරීමට Facebook එක කටයුතු කරනවා.

new-tools-to-manage-your-time-instagram-tech-news-sinhala

මේ අළුත් feature එක නිර්මාණය කිරීමේදී ලොව ප්‍රමුඛ පෙලේ මානසික සෞඛ්‍යය පිළිබඳ ආයතන වල උපදෙස් අනුගමනය කරන්නත් Facebook සමාගම කටයුතු කරලා තියනවා.

එමෙන්ම නුදුරු දින කිහිපය ඇතුලත මේ අලුත් feature එක Facebook හා Instagram බාවිතා කරන්නන් හට නිකුත් කිරීමට Facebook සමාගම කටයුතු කරනු ලබනවා.