ඔයාලා බොහෝ දෙනෙකුට මතක ඇති පසුගිය F8 conference එකේදී Facebook සමාගම විසින් Dating පහසුකම එළිදක්වන්නට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

බොහෝ දෙනෙකු අනුමාන කරනු ලැබුවේ මේ පහසුකම සඳහා වෙනනම app එකක් හඳුන්වා දීමට Facebook ආයතනය කටයුතු කරනු ඇති බවයි. නමුත් දැන් වාර්ථා වෙන විදිහට මේ පහසුකම Facebook app එකේම කොටසක් විදිහට එළි දක්වන්න නියමිත වෙලා තියනවා.

කොහොම නමුත් තවමත් මේ පහසුකම මහජනයාට නිකුත් කිරීමට සූදානම් නැති අතර මේ වන විට Facebook සමාගම තුල සේවය කරන්නන් භාවිතා කරමින් මෙය පරීක්ෂා කරනු ලබන බව Jane Manchun Wong විසින් Twitter පණිවුඩයක් හරහා ප්‍රකාශ කර තිබෙනවා.

මේ පහසුකම එළිදැක්වූ පසුව ඒ සඳහා සම්බන්ධ වීමට නම් ඔබ වයස අවුරුදු 18 කට වැඩි විය යුතු වන අතර, එසේ සම්බන්ධ වුවහොත් මෙයට එකතු වී සිටින අනෙකුත් පිරිසට පමණක් ඔබව දැකගැනීමට හැකියාව ලැබෙනවා.

නමුත් මෙහි සඳහන් කිසිවක් ඔබගේ news feed එකට එකතු වන්නේ නැති අතර මෙම තොරතුරු යහළුවන් හට දැකිය හැකි ද යන්න ඔබට සැකසීමට හැකියාව ලැබෙන settings ඇති අතර ගැහැණු සහ පිරිමි යන කොටස් දෙකට අමතරව transgender වැනි අය ගැනද මෙහිදී අවස්ථාවක් ලබා දීමට Facebook සමාගම කටයුතු කර ඇත.

facebook-dating-feature-01-tech-news-sinhala

facebook-dating-feature-02-tech-news-sinhala

facebook-dating-feature-03-tech-news-sinhala

facebook-dating-feature-04-tech-news-sinhala

මීට අමතරව ඔබ යම්කිසි event එකකට සහභාගී වෙනවා නම් එම event එකට පැමිණෙන අනෙකුත් dating පහසුකම භාවිතා කරන්නන් ව විශේෂයෙන් ඔබට පෙන්වීමට Facebook සමාගම මේ හරහා කටයුතු කරනවා.

මේ සේවාව වෙනුවෙන් මුදල් අය කිරීමට හෝ ad පෙන්වීමට Facebook සමාගම තවමත් සිතා බලා නැති බවත් දැනගන්නට ලැබෙනවා. කොහොම වුණත් WhatsApp වැනි සේවාවක් හරහාත් ad පෙන්වීමට සූදානම් වන Facebook සමාගම මෙම පහසුකම හරහා ද ආදායම් ලැබිය හැකි ක්‍රමයක් අනාගතයේදී නිර්මාණය කරනු ඇත.

කොහොම වුණත් ලංකාවේ dating කියන අදහස සංස්කෘතික හේතූන් මත තවමත් යටපත් වී තිබෙන බවක් දැකගන්නට ලැබෙන අතර මේ අළුත් පහසුකම ශ්‍රී ලංකාවට ලැබුණහොත් තරුණ පිරිස අතර දැනට පවතින මානසික මට්ටම හා අදහස් අනුව මෙය කුමන ආකාරයෙන් බලපාවිදැයි සාධාරණ සැකයක් පවතී.