Grand Theft Auto V එහෙමත් නැතිනම් GTA V කියන්නේ Rockstar සමාගමේ Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාවේ දැනට අවසන් වරට නිකුත් වී ඇති පරිගණක ක්‍රීඩාවයි.

Gaming ගැන කතා කරන විට මේ game එක ගැන නොදන්නා එහෙමත් නැතිනම් වරක් හෝ GTA game එකක් play නොකළ කෙනෙකු නැති තරම්. ඉතින් මේ GTA V එක නිකුත් කරලා අවුරුදු 5 කට ආසන්න කාලයක් වෙන අතර ඔන්න දැන් ඔවුන් මේ පරිගණක ක්‍රීඩාවේ පිටපත් මිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කරන්නට සමත් වෙලා තියනවා.

Minecraft-vs-tetris-tech-news-sinhala

වාර්ථා වෙන විදිහට පිටපත් මිලියන 170ක් විකිණීමට සමත් වූ Tetris කියන game එකත්, පිටපත් මිලියන 144 ක් විකිණීමට සමත් වූ Minecraft කියන game එකත් වශයෙන් පිටපත් මිලියන 100 කට අධික ප්‍රමාණයක් විකිණීමට සමත් වී ඇති වෙනත් පරිගණක ක්‍රීඩා දෙකක් පමණයි තියෙන්නේ.

අපි කවුරුත් නොදන්න දෙයක් තමයි, මේ Grand Theft Auto 5 කියන්නේ 2013 වර්ෂයේ සිට ලොව Entertainment කියන category එකේ වැඩියෙන්ම ආදායමක් ලබන්නට සමත් වුණු නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ 2013 සිට නිකුත් වුණු කිසිඳු movie එකක්, පොතක්, music video එකක් හෝ වෙනත් කිසිඳු game එකක් මේ තරම් ආදායමක් ලබන්නට සමත් වෙලා නැහැ.

ඒ වගේම මේ game එක release වෙලා පළමු පැය 24 ඇතුලත පිටපත් මිලියන 11.21ක් අලෙවි කිරීමටත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක ආදායමක් ලබාගන්නත් සමත් වී තිබෙනවා.

GTA-V-in-Game-Los-Santos-vs-Real-Life-Los-Angeles-tech-news-sinhala

මේ game එකේ විශේෂත්වය තමයි, මෙය නිකුත් කළ වසරේ සිට මේ දක්වාම කොටස් වශයෙන් අළුත් features එකතු කිරීමට Rockstar සමාගම කටයුතු කිරීම. එ් වගේම මේ game එක full graphics එක්ක play කරන්න ඔයාට අවස්ථාව තියනවා නම් අැයි මිනිස්සු මේකට මේ තරම් කැමති වෙන්නේ කියලා තේරුම් ගන්න ඔයාට අමාරු වෙන එකක් නැහැ.

gta-online-tech-news-sinhala

මීට අමතරව මේ game එකේ තියන online mode එක මේ game එක ලොව පුරා මිනිසුන් විසින් තවමත් මිළදීගැනීමට විශාල හේතුවක් වශයෙන් සළකන්න පුළුවන්. මේ online mode එකට මොවුන් නිතිපතාම updates එකතු කිරීමට කටයුතු කරනවා. පසුගිය ජූලි 24 වැනිදා නිකුත් වුණු එහි අළුත්ම update එක වෙන්නේ Gay Tony ගේ නැවත පැමිණීම සනිටුහන් කරන "After Hours" කියන mod එකයි.

මීට අමතරව මෙහි මීළඟ version එක එනම් GTA VI ලබන වසරේ නිකුත් කරනු ලබන බවට notification එකක් GTA Online හරහා නිකුත් කිරීමට Rockstar සමාගම කටයුතු කලත්, තවමත් ඒ ගැන වැඩි විස්තර හෝ trailers දකින්නට ලැබෙන්නේ නැහැ.