Microsoft ලා ඔවුන්ගේ Windows mobile මෙහෙයුම් පද්ධතිය වගේම Windows phone devices නිෂ්පාදනයත් මීට ටික කාලයකට කලින් නවත්වා දැමීමට කටයුතු කලා.

නමුත් ඒ සමඟම Mobile devices සඳහා වූ ඔවුන්ගේ අළුත් බළාපොරොත්තුව Andromeda නම් වූ අලුත්ම පන්නයේ device එකක් ලෙස කා අතරත් කතාබහට ලක් වුණා. ඒ වගේම මේ වන විට දැනගන්නට ලැබෙන පරිදි මේ අවුරුද්ද අග භාගයේ නිකුත් වීමට නියමිත මේ Andromeda කියන mobile device එක Qualcomm Snapdragon 1000 processor එකකින් බලගැන්වීමට නියමිතයි.

මේ Andromeda කියන්නේ tablet එකක් තරමේ device එකක් වන අතර මේ මගින් laptop එකකින් කරන කටයුතු සියල්ලම පාහේ කරගැනීමට හැකියාව ඇත. එමෙන්ම මෙයට phone calling පහසුකමද ඇතුලත් වෙන අතර mobile phone එකක සහ laptop එකක හැකියාවන් එකතු කර නිර්මාණය කර ඇති අරුම පුදුම device එකකි.

new-microsoft-mobile-device-andromeda-te-chie

පසුගිය කාලය පුරාවටම මෙම අත්භූත device එක ගැන නොයෙකුත් කටකතා පැතිරුණු අතර මෙහි hardware පිළිබඳව නම් තවමත් වැඩි තොරතුරක් වාර්ථා නොවේ. කෙසේ වෙතත් මෙය screen දෙකකින් සමන්විත වෙන අතර බොහෝ විට තවමත් පරීක්ෂණ මට්මමේ ඇති Snapdragon 1000 නමින් හැඳන්වීමට නියමිත chipset එක මෙහි SoC එක ලෙස යොදාගන්නට නියමිතය.

ජර්මානු වෙබ්සයිට් එකක් වන WinFuture එක මගින් දැක්වෙන පරිදි මෙම Snapdragon 1000 ව්‍යාපෘතිය වෙනුවෙන්ම විශේෂිත වූ රැකියා අවස්ථා වලට මේ වන විට ඉංජිනේරුවන් බඳවා ගැනේ. එමෙන්ම මෙම Snapdragon 1000 chip එක Andromeda වලට පමණක් නොව වෙනත් desktop පරිගණක හා Surface devices නිර්මාණය සඳහාද යොදාගනු ඇතැයි සිතිය හැකිය. එමෙන්ම battery life එක ආරක්ෂා කිරීම උදෙසා මෙම chipset එක මත Windows 10 ARM එක ධාවනය වනු ඇත.