Netflix app එක පසුගියදා Google Play Store එක හරහා download කළ වාර ගණන බිලියනය ඉක්මවා ගිය බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Netflix app එක Google Play Store හරහා download කළ වාර ගණන බිලියනය ඉක්මවා යෑමට සමත් වෙයි
Netflix යනු ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය video streaming සේවාවක් අතර මේ වන විට මේNetflix app එක Google Play Store හරහා download කරගත් පරිශීලක සංඛ්‍යාව බිලියනයඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කොහොම නමුත් මේ වන විට OnePlus සහ ඇතැම් Samsung devices වල මේ app එකpre-installed ලෙස ද පැමිණෙන අතර, එම ප…

ඔන්න දැන්, Netflix ආයතනය විසින් සිය පරිශීලකයින් හට රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට වල playback speed එක පාලනය කිරීමේ හැකියාව ලබාදීමට ටික කලක් තිස්සේ සූදානමින් අතර මේ වන විට මෙම විශේෂාංගයට Android පරිශීලකයන් මූලිකව ලබාදෙන බව තහවුරු කර තිබෙනවා.

මෙම විශේෂාංගය පුළුල් ලෙස හඳුන්වාදීම මේ වන විටත් ආරම්භ වී ඇති අතර එය මීළඟ සති කිහිපය ඇතුළතදී ගෝලීය වශයෙන් සෑම පරිශීලකයෙකු හටම ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම playback controls සමඟ, Netflix නරඹන්නන් හට අන්තර්ගතය 0.5x, 0.75x, 1.25x සහ 1.5x යන වේගයන්ට වෙනස් කිරීමට හැකියාව ලැබෙන අතර නව රූපවාහිනී වැඩසටහනක් හෝ චිත්‍රපටයක් play කරන සෑම අවස්ථාවකම එය manually enable කිරීමට අවශ්‍ය වේ.

මෙම විකල්පය එකතු කිරීම පිළිබඳව The National Association of the Deaf සහ The National Federation of the Blind යන ආයතන ද්විත්වයම ප්‍රශංසා කළ අතර, අඩු වේගයක් භාවිතා කරමින් (කාලයට ගැලපෙන උපසිරැසි සමඟ) බිහිරි පුද්ගලයන් හට අදාල අවස්ථාවන් තේරුම් ගැනීම පහසු වන අතර අන්ධ පුද්ගලයන් හට සංවාදය තේරුම් ගැනීම තවත් පහසු කරවන බව ඔවුන් පෙන්වා දෙනවා.

Netflix ආයතනය විසින් ප්‍රකාශ කරන්නේ මෙම විශේෂාංගය සඳහා subscribers සහ creative community එකෙන් feedback බලාපොරොත්තු වන බවත්, අනාගතයේ දී iPhone/iPad app සහ web app එක වෙත ලබාදීම වෙනුවෙන් වන පරීක්ෂා කිරීම් දැනටමත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.