ඔබ ලඟම ඇති අභ්‍යාවකාශ තාක්ෂණය

Nasa ආයතනය සතු අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව ඔබ අප සැවොම ඉතා හොඳින් දැනුවත්. මෙම තාක්ෂණයන් අපට ඉතා දුරින් ඇතැයි අපට හැඟුණත් ඇත්තටම එය ඔබේ නිවසේ, ඔබේ ජංගම දුරකථනයේ, ඔබේ වටපිටාවේ ඕනෑම තැනක තිබිය හැකි යි.

කතුවරයා
Varuna Prabhath
Save කරන්න
Share කරන්න
nasa-innovations-are-all-around-us-everyday

    අභ්‍යවකාශය ජය ගැනීම සඳහා නාසා ආයතනය ගත් උත්සාහයන් වලදී සුවිශේෂි අභියෝග ජයගැනීම සඳහා නාසා ආයතනය විසින් විවිධ තාක්ෂණ විසඳුම් සොයාගත් අතර එම තාක්ෂණයන් අභ්‍යවකාශ ගවේෂණය හැර වෙනත් නිෂ්පාදන වෙනුවෙන් යොදාගැනීමට Nasa ආයතනය විසින් ඇතැම් සමාගම් වෙත බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

    අප ඔබට පහත ඉදිරිපත් කරන්නේ එලෙස අභ්‍යවකාශ තාක්ෂණය මත පදනම්ම නිෂ්පාදනය කෙරුණු අප එදිනෙදා භාවිතා කරන උපකරණ 10 ක් පිළිබඳවයි.

    1 - Computer mouse

    60 දශකයේදී Nasa ආයත්නය මඟින් ඔවුන්ගේ වැඩසටහන් වල කාර්‍යක්ශමතාවය ඉහල නංවා ගැනීම සඳහා Computer mouse එක නිපදවන ලද අතර එය වර්තමානය දක්වාම පරිගනක තිරය මත වඩා කර්‍යක්ශමව දත්ත හැසිරවීමට භාවිතා වේ.

    2 - Scratch-resistant lenses

    1970 දී අභ්‍යවකාශ යානාවල ගැල්වීම සඳහා විශේෂ Plastic coating එකක් නාසා ආයතනය විසින් වැඩිදියුණු කරන ලද අතර, පසුව එය අභ්‍යවකාශ තරණයේදී යොදා ගන්නා හෙල්මට් වල Visor එකෙහි භාවිත කිරීමටද හැකි බව නාසා ආයතනය සොයා ගත්තා.

    පසුව Sunglasses නිපදවන සමාගමක් වන Foster Grant සමාගම විසින් මෙම තාක්ෂණය Plastic lenses වලට යොදාගත් අතර එය අද දක්වාම Sunglasses වල භාවිතා වන තාක්ෂණයක්.

    3 - Aluminized Mylar

    ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම සඳහා භාවිතා කරන ලද මෙම සුදු පැහැති Blanket එක නාසා ආයතනය විසින් අභ්‍යවකාශ යානා සහ ගඟනගාමින්ගෙ ශරීර උෂ්ණත්වය පහළ වැටීම වළක්වා ගැනීම වෙනුවෙන් නිපදවන ලද්දක්.

    අද ඔබට මෙම තාක්ෂණය ආහාර සැකසුම් කර්මාන්තයේ මෙන්ම ප්‍රථමාධාර කට්ටලවල පහසුවෙන් සොයා ගත හැක.

    4 - Camera phones

    1990 දී Nasa ආයතනය විසින් ඡායාරූප වල ගුණාත්මක භාවය ට හානි නොවන ලෙස CMOS නමින් කුඩා image sensor එකක් නිපදවූ අතර එය Spacecraft වල භාවිතා කිරීම අරමුණු කරන ලදී.

    ඔබ අතැති දුරකතනයේ කැමරාවට පදනම වැටුණේ මෙම කුඩා image sensor එක සමගයි.

    5 - Blow rubber molding

    Nike Air Sneakers සඳහා භාවිතා කරන ලද Rubber molding තාක්ෂණය මුලින්ම සංවර්ධනය කරන ලද්දේ අභ්‍යවකාශ ඇඳුමේ කොටසක් ලෙසයි (Space Suits). නාසාහි හිටපු ඉංජිනේරුවකු වන M.Frank Rudy විසින් මෙම තාක්ෂණය සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගත් අතර පසුව නයිකි විසින් මෙම Rubber molding තාක්ෂණය ඔවුන්ගේ Sneakers වල භාවිතා කරන ලදී.

    6 - Insulin pump

    දියවැඩියා රෝගීන් සඳහා වර්තමානයේ භාවිතා කරන Insulin pump නිර්මාණය කිරීමේ ගෞරවයද නාසා ආයතනය සතු වනවා.

    ඔවුන් විසින් එය නිර්මාණය කළේ පුද්ගලයෙකුගේ රුධිරයේ ඇති සීනි මට්ටම පරීක්ෂා කර, අවශ්‍ය වූ විට ශරීරය වෙත ඉන්සියුලින් නිකුත් කිරීම සඳහා සංඥාවක් insulin pump එක වෙත යැවිය හැකිවන ලෙසයි.

    7 - Ice-resistant airplanes

    නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද Therma wing(Thermoelectric deicing system) නම් පද්ධතියට ස්තූතිවන්ත වෙන්නට වර්තමානයේ භාවිත වන ගුවන්යානා මතුපිට අයිස් බැඳීම වළක්වනවා.

    8 - CAT scans

    නාසා ආයතනය මගින් අභ්‍යවකාශ වැඩසටහන් වලට අවශ්‍ය Advance Digital images නිර්මාණය කිරීම සඳහා සංවර්ධනය කරන ලද CAT Scan තාක්ෂණය, වර්තමාන වෛද්‍ය ක්ෂේත්‍රය තුළට නැතුවම බැරි තාක්ෂණයක් බවට පත්වී තිබෙන්නේ එය වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දිනපතාම භාවිත වන බැවිනුයි

    9 - High-power solar cells

    ඔබත් සූර්ය බල පද්ධතියක් (Craytel silicon solar power cells) භාවිතා කරමින් ඔබේ විදුලි බිල අඩු කරගන්නවා නම්, ඒ ගෞරවය ද යා යුත්තේ නාසා ආයතනයටයි.
    SunPower Corporation සමාගම හා එක්ව ඔවුන් විසින් අධි කාර්යක්ෂමතාවයක් සහිත, වියදම් අඩු මෙම Solar power cells නිපදවන ලද්දේ දුරස්ථ පාලක මඟින ක්‍රියාකරන ගුවන්යානා වලට අමතර බරක් එකතු කිරීම වැළැක්වීම සඳහාය.

    10 - Wireless headset

    Wireless headset මුලින්ම නිපදවන ලද්දේද නාසා ආයතනය වන අතර ඒ, වයර් හා අත් භාවිතා කරමින් එතෙක් ගගනගාමින් විසින් සිදු කළ වඩා කරදරකාරී සන්නිවේදන ක්‍රමයට විකල්පයක් ලෙසයි.

    ඇත්තටම Nasa ආයතනය සිය පර්‍යේශන මඟින් සොයා ගත් දැනුම වෙනත් නිශ්පාදන වලට මූලික අඩිතාලම දමන්නට මහත් රුකුලක් වු බව ඉහත නිර්මාණ අධ්‍යනය කිරීමේදී ඔබට පැහැදිලි වනු ඇති.

    ඔබ ලඟම ඇති අභ්‍යාවකාශ තාක්ෂණය - දෙවන කොටස
    Nasa ආයතනය විසින් අභ්‍යවකාශ තරණයේදී පැමිණි අභියෝග ජය ගැනීමට විවිධ තාක්ෂණ විසඳුම් සොයාගත් අතර එම තාක්ෂණයන් අභ්‍යවකාශ ගවේෂණය හැර වෙනත් නිෂ්පාදන වෙනුවෙන් යොදාගැනීමට ඇතැම් සමාගම් වෙත බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

    අප මෙහිදී ඉදිරිපත් නොකල තවත් නිර්මාණ රැසක් අන්තර්ජාලය තුල හමුවෙන අතර, තවත් මෙවැනි සොයාගැනීම් 10 ක් පිළිබඳව දෙවන ලිපියකට ඉඩ තබමින් පළමු ලිපිය මෙලෙස අවසන් කරනවා.