ඔයා Gaming වලට කැමති කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම Mortal Kombat කියන game මාලාවේ එක game එකක් හරි play කරලා තිබෙන්නට තිබෙන සම්භාවීතාවය ඉතාමත් ඉහළ වන අතර මෙය වසර ගණනාවක් මුළුල්ලේ ලොව පුරාම ඉතාමත් ජනප්‍රිය වූ video-game මාලාවක් ලෙස හැඳින්විය හැකියි.

මේ Mortal Kombat Game මාලාවේ අලුත්ම සංස්කරණය වන Mortal Kombat 11 සංස්කරණය ලබන වසරේ අප්‍රේල් මස 23 වැනිදා එළිදැක්වීමට නියමිත බව Warner Bros. Interactive Entertainment සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

‍කොහොම නමුත් මෙහි gameplay එකක් තවමත් දකින්නට නොමැති අතර පළමු gameplay video එක ලබන වසරේ ජනවාරි මස 17 වැනිදා Twitch හරහා සජීවීව විකාශය කිරීමට ඔවුන් බළාපොරොත්තු වන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ අනුව මේ Mortal Kombat 11 සංස්කරණය මේ වන විට PlayStation 4, PlayStation 4 Pro, Xbox One, Nintendo Switch සහ PC සඳහා Pre-Order කිරීම සඳහා විවෘතව ඇති අතර Standard සහ Premium වශයෙන් editions දෙකකින් යුක්ත වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක. මෙම video-game එක pre-order කිරීම සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.