Qualcomm සමාගම විසින් ලොව ප්‍රථම mobile 5G antenna එක එළිදැක්වූ බව මෙන්ම ඔවුන්ගේ පළමුවැනි 5G Modem එක ගැනත් මීට ටික කාළයකට කලින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම නමුත් තවමත් මේ 5G modem අන්තර්ගත කරමින් නිෂ්පාදනය කළ කිසිඳු ජංගම දුරකථනයක්, එනම් ලොව ප්‍රථම 5G තාක්ෂණය සහිත ජංගම දුරකථනය, තවමත් වෙළඳපොලට පැමිණ නැති බව අපි කවුරුත් දන්නා කාරණයක්.

කොහොම නමුත් ඔන්න දැන් Qualcomm සමාගම ඔවුන්ගේ දෙවන පරම්පරාවේ 5G Modem එක වන Snapdragon X55 5G modem එක පසුගිය අඟහරුවාදා දින එළිදැක්වීමට කටයුතු කළා.

පැරණි Snapdragon X50 5G modem එක සමඟ සසඳා බැලූ විට 40%ක පමණ (5Gbps වල සිට 7Gbps දක්වා) වේගය වැඩි වීමක් මේ අලුත් chip එක හරහා ලබාගත හැකි බවත්, මේ chip එක 2G, 3G, 4G මෙන්ම 5G තාක්ෂණය සහිත network සියල්ලක්ම මත භාවිතා කළ හැකි ආකාරයටත් නිර්මාණය කිරීමට Qualcomm සමාගම කටයුතු කර තිබෙනවා.

මීට කලින් එළිදැක්වූ X50 modem එක හරහා 5G network access කිරීමේ හැකියාව පමණක් පැවති නිසාවෙන් ජංගම දුරකථන නිෂ්පාදකයන් හට 2G, 3G සහ 4G network access කිරීම සඳහා අමතර modem එකක් තම ජංගම දුරකථන වලට ඇතුලත් කිරීමට සිදු වුණ නමුත්, මේ අලුත් chip එක හරහා එම අවශ්‍යයතාවය මැකී යනවා.

Qualcomm සමාගමේ marketing manager කෙනෙකු වන Nitin Dhiman විසින් ප්‍රකාශ කරන අන්දමට, වසර 30ක් තිස්සේ Qualcomm සමාගම විසින් සිදු කරනු ලැබූ cellular සහ wireless තාක්ෂණයන්ගේ ප්‍රතිඵල මේ අලුත් chip එකට අන්තර්ගත කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.