Blue කියන්නේ ලොව පුරා Podcaster ලා, musician ලා වගේම audio ගැන උනන්දුවක් තියන බොහෝමයක් දෙනෙකුගේ ප්‍රියතම brand වලින් එකක්.

1995 දී ආරම්භ කරන ලද Blue සමාගම මේ වන විට ඩොලර් 60 සිට ඩොලර් 4000 පමණ දක්වා විහිදී යන මිළ ගණන් යටතේ විවිධ මාදිලි රැසකින් microphones මෙන්ම audio සම්බන්ධ නිෂ්පාදනයන් සිදු කරන කරන සමාගමක්.

blue-yeti-microphone-tech-news-sinhala

මොවුන්ගේ නිෂ්පාදන අතුරින් Snowball සහ Yeti කියන්නේ ලොව පුරාම ඉතාමත් ජනප්‍රිය microphones දෙකක් වන අතර ඒ පිළිබඳව නම් ඔබ මේ වෙනකොටත් අහලා ඇති.

ඔන්න දැන් සුප්‍රසිද්ධ Logitech සමාගම විසින් මේ Blue සමාගම මිලට ගැනීමට කටයුතු කරන බව ඔවුන් පවසනවා. මේ ගණුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 117 ක මුදලකට සිදුවීමට නියමිත අතර අද දිනයේදී මෙම ගණුදෙනුව අවසන් කිරීමට Logitech සමාගම කටයුතු කරනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ඉතින් මේ Logitech සමාගම ප්‍රසිද්ධියක් උසුලන්නේ පරිගණක ක්‍රීඩා වලට අවශ්‍යය වන devices නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වන අතර මේ වන විටත් ලොව පුරා විහිදී සිටින gamers ලා අතර Logitech keyboard, mouse වගේම ඔවුන්ගේ webcams බොහොම ජනප්‍රියයි. ඒ වගේම Logitech සමාගම අයිති වන නිෂ්පාදන නම් වීශාල පරාසයකට පැතිරී යනවා.

මේ මිළදීගැනීමෙන් පසුව පරිඝනක ක්‍රීඩා විකාශන ලොවේ මෙතෙක් කල් video streaming වලට පමණක් සම්බන්ධ වී සිටි Logitech සමාගමට audio වලටත් ගැලපෙන නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්නට හැකි වේවි.