හැමදාම උදේ පාන්දරට එකම Alarm tone එක ඇහෙන එක කොයි තරම් අවුල් සහගත හැඟීමක් ද කියලා alram භාවිතා කරන ඕනම කෙනෙක් දන්නවා. ඔන්න දැන් ඒ ප්‍රශ්ණයට පිළිතුරක් ලබා දෙන්න Google සමාගම කටයුතු කරලා තියනවා.

Google Clock app එක මගින් alarm එකක් set කිරීමේදී alarm tone එක වෙනුවට Spotify එකෙන් ඔයා කැමති විදිහේ music එකක් එකතු කරගැනීමේ අවස්ථාව ඔන්න දැන් ලබා දීලා තියනවා.

මේ සතිය ඇතුලත මෙයට අදාල update එක Android 5.0 වලට වඩා වැඩි Android version එකක් සහිත devices වලට මේ සතිය ඇතුලත නිකුත් කිරීමට නියමිත අතර මෙම feature එක භාවිතා කිරීමට නම්, ඔබේ ජංගම දුරකථනයේ Spotify install කර තිබිය යුතු වෙනවා. ඒ වගේම Free හෝ Premium කියන වර්ග දෙකටම අදාල subscriberලා ට මෙම පහසුකම අත්විඳීමට අවස්ථාව ලැබෙනවා.

google-clock-spotify-alarm-tech-news-sinhala

මේ අළුත් Spotify කියන tab එකේ ඔයා අවසන්වරට සවන්දුන් ගීත මෙන්ම Spotify විසින් මේ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද playlist එකක් පෙන්වන අතර search button එක හරහා ඔබට කැමති ආකාරයේ ගීතයක් තෝරා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.

මේ ආකාරයට Spotify මගින් alarm tone එකක් set කළ පසු alarm එක නාද වී එය off කිරීමෙන් අනතුරුවත් අදාල music එක හෝ playlist එකට සවන් දීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

කොහොම වුණත් Google සමාගම ඔවුන්ගේ YouTube Music සේවාව තිබියදී වෙනත් සේවාවක් මේ සමඟ එකතු කිරීමට කටයුතු කිරීම තරමක් පුදුම සහගත දෙයක් වන නමුත්, Spotify කියන්නේ මේ වෙනකොට streaming service එකක් විදිහට YouTube Music වලට වඩා ඉතාමත් ජනප්‍රිය සේවාවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු වෙන්නේ නැහැ.