මේ වන විට ජනප්‍රිය වීඩියෝ communication සේවාවක් වන Google Meet සේවාව, Google සමාගම විසින් හදුන්වා දෙන ලද්දේ 2017 වසරේදීයි.

ඔන්න දැන්, මෙය හඳුන්වා දී වසර තුනකට පසු Google සමාගම විසින් Google Meet වෙත AI හැකියාවෙන් බලගැන්වෙන noise cancellation option එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මෙම option එක මුලින්ම හඳුන්වා දෙන ලද්දේ G Suite Enterprise සහ G Suite Enterprise for Education පරිශීලකයින් සඳහා වන අතර මෙය මුලින්ම මෙහි web app එක භාවිතා කරන පරිශීලකයන් සඳහා හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා.

VentureBeat වෙබ් අඩවිය නිකුත් කල වීඩියෝවක මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් සඳහන් කර තිබෙන අතර එහිදී ඔවුන් විසින් එකිනෙකට වෙනස් ශබ්ධ නැඟෙන අමුද්‍රව්‍ය කිහිපයක් භාවිතා කරමින් මෙම Noise Cancellation option එක ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර තිබෙනවා.

වෙනකක් තබා සුනඛයෙකුගේ බිරුම් ශබ්ධය, Keyboard එකෙන් නැඟෙන ශබධය පවා ඉතාමත් සාර්ථකව ඉවත් කිරීමට මෙම තාක්ෂණය සමත් වන බව Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Introducing tiled view, and other top-requested features in Google Meet | Google Cloud Blog
We’re committed to making Meet more useful to its rapidly growing user base. Over the past few weeks, we’ve allocated additional engineering resources to accelerate the development of a number of top-requested Meet features that use Google AI to improve meeting quality and user experience. The follo…

Google විසින් වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ මෙම තාක්ෂණය වැඩිදියුණු කිරීම සිදුකර ඇති අතර ඒ සඳහා ඔවුන්ගේම Meeting දහස් ගණනක් හා YouTube clips ද භාවිතා කර තිබෙනවා.

කොහොම නමුත් මෙම තාක්ෂණය තවත් යාවත්කාලීන වියයුතු බව Google සමාගම අපේක්ෂා කරන අතර කාලානුරූපීව එය ඉදිරියේදී සිදුකිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මේ ආකාරයට සංවාද වල පසුබිම් ශබ්ද ඉවත් කිරීමට උත්සාහ කළ පලමු සමාගම Google සමාගම නොවන නමුත්, මේ option එකේ විශේෂත්වය නම් මේ nose cancelling process එක සිදු වන්නේ cloud එක මත වන අතර මෙයට අදාල device එකේ hardware support එකක් අවශ්‍යය වන්නේ නැහැ.

මේ අනුව එයට වඩා පුළුල් පරාසයක hardware මත අඛණ්ඩව ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන අතර මෙය ඔබට අවශ්‍යය නැති නම් අක්‍රිය කිරීමේ හැකියාව ද පවතිනවා.

කෙසේ වුවත් මෙම නව විශේෂාංගය සාමාන්‍යය පරිශීලකයින් හට ලබාදෙන කාලරාමුවක් Google සමාගම විසින් සඳහන් කර නැති නමුත් එය ඉතාම ඉක්මනින්ම ලබාදීමට කටයුතු කරනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ VentureBeat වෙබ් අඩවිය භාවිතා කළ හැක.