ලොව මීට කලින් Huawei ආයතනය විසින් 5G තාක්ෂණය සහිත ලොව ප්‍රථම 8K Smart TV එක නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම නමුත් LG සමාගම ඊට පියවරක් ඉදිරියට තබා ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන 8K OLED Smart TV එක මේ සතිය ඇතුලත වෙළඳපොලට නිකුත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති අතර, දැනටමත් ඒ සඳහා ඇනවුම් බාරගැනීමට කටයුතු කරමින් පවතින බව වාර්ථා වෙනවා.

මේ දක්වා වෙළඳපොලට නිකුත් වී තිබෙන දියුණුතම TV එක ලෙස සැළකෙන මෙම TV එක අඟල් 88ක OLED panel එකකින් සමන්විත වන අතර 8K එහෙමත් නැතිනම් 7680 x 4320 resolution එකකින් ද සමන්විත වෙනවා.

දැනට ලොව පුරා ප්‍රචලිත 4K TV එකක මෙන් 4 ගුණයක pixels මේ screen එකට අන්තර්ගත වන අතර LG සමාගම විසින් මෙතෙක් නිෂ්පාදනය කරනු ලැබූ විශාලතම TV එක ලෙසටද මෙය ඉතිහාසගත වෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ TV එක 8K resolution එකකින් සමන්විත වුවත් ඊට සරිලන තත්ත්වයේ content, එහෙමත් නැතිනම් 8K videos තවමත් සොයාගැනීම ඉතාමත් අපහසු වන අතර තවමත් මේ 8K තරමේ videos එතරම් සුළබ නොවන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

8K තත්ත්වයේ content සුළබ වන තුරු deep learning algorithm භාවිතා කරමින් දැනට පවතින videos upscale කිරීමට, එහෙමත් නැතිනම් විශාලනය කිරීමට මොවුන් කටයුතු කරනු ලබන අතර මේ තාක්ෂණයම භාවිතා කරමින් Dolby Atmos සඳහා සහාය දක්වන 5.1 surround sound output එකක් ජනනය කිරීමට ද මොවුන් කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් LG සමාගම ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ LG Newsroom වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.