මේ වන විට ලොව ජනප්‍රියතම PC game අතරින් ප්‍රමුඛ ස්ථානය ලබාගෙන සිටින League of Legends game එක mobile platform සඳහා නිර්මාණය කරනු ලබන බව මේ වන විට වාර්ථා වෙනවා.

2009 වර්ෂයේ මුලින්ම එළිදැක්වූ මේ game එක මේ වන විට මිලියන 120ක පමණ ලොව පුරා විසිරී සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාවකට හිමිකම් කියන අතර මූලිකව මෙය Riot Games ආයතනය විසින් නිර්මාණය කර තිබෙනවා.

2015 වර්ෂයේ සිට Riot Games ආයතනය, Fortnite සහ PUBG වැනි ලෝකප්‍රසිද්ධ Mobile game වල නිෂ්පාදකයා වන Tencent සමාගමට හිමි වූ අතර ඔවුන් විසින් මෙහි mobile game එක නිර්මාණය කිරීමට කටයුතු කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

කොහොම නමුත් මේ mobile version එක PC game එකේ සම්පූර්ණ copy එකක් නොවන බවත් ඒ වෙනුවට අලුත් චරිත සහිතව හඳුන්වා දෙන ප්‍රධාන game එක ආකාරයේම game එකක් වනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන අතර මේ game එක මෙම වසර ඇතුලතදී නිකුත් කිරීමට ද ඔවුන්ගේ බළාපොරොත්තුවක් නොමැති බව සඳහන් වෙනවා.

මේ වන විට Fortnite සහ Overwatch වැනි game නිසාවෙන් League of Legends මගින් ලැබෙන ආදායම අඩු වෙමින් පවතින බවත්, මේ mobile version එක හරහා මෙම game එකට නව ජවයක් එක් කරනු ඇති බවත් ඔවුන් විශ්වාස කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.