දශක කිහිපයක් තිස්සේ Apple සමාගම විසින් එළිදක්වනු ලැබූ iMac, iPhone, iPad, iOS මාදිලි හා සංස්කරණ බොහෝමයක බාහිර පෙනුම පිළිබඳව තීරණ ගත් ප්‍රධානතම පුද්ගලයා වන Jony Ive, Apple සමාගම හැර යාමට තීරණය කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

බොහෝ අවස්ථා වලදී ‍Apple සමාගම වෙනුවෙන් මාධ්‍යය ඉදිරියේ වැඩි වශයෙන් පෙනී නොසිටිය ද 90 දශකයේ සිට මේ දක්වා අපි භාවිතා කරන Apple devices වල කිසියම් ස්ථානයක සඳහන් කර තිබෙන Designed by Apple in California ලෙස සඳහන් වන වාක්‍යය ඛණ්ඩයට අදාල කර්තව්‍යය සිදු කිරීමට Jony Ive විශාල කාර්යයභාරයක් සිදු කර තිබෙනවා.

Apple සමාගම හැර යාමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ ඔහුගේම design firm එකක් ආරම්භ කිරීමට කටයුතු කිරීම වන අතර, මේ අලුතින් ආරම්භ වන LoveFrom design firm එක සමඟින් ඉතාමත් සමීපව කටයුතු කිරීමට Apple සමාගම සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් Apple සමාගමේ ප්‍රධානී Tim Cook ප්‍රකාශ කර සිටිනවා.

ඉදිරියේදී Apple සමාගම LoveFrom ආයතනයේ ප්‍රධානතම පාරිභෝගිකයෙකු වීමේ විශාල ප්‍රවණතාවයක් ඇති අතර මේ අනුව ඉදිරියේදී නිකුත්වීමට නියමිත Apple devices වල පෙනුම සැළසුම් කිරීමේ කටයුතු ද මොහු විසින් ම සිදු කිරීමේ ප්‍රවණතාවයක් පවතිනවා.


මීට වසර 5කට පමණ පෙර The Guardian ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී Jony Ive ප්‍රකාශ කර සිටියේ, Apple සමාගම විසින් නව්‍යකරණය, එහෙමත් නැතිනම් innovate කිරීම නවතා දැමුවහොත් ඔහු Apple සමාගමෙන් ඉවත්ව යන බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.