ඔයා ආසම Techie App එක Google Play Store හරහා මුලින්ම නිකුත් කරලා අද දින වන විට අවුරුද්දක කාලයක් සම්පූර්ණ වෙනවා.

ඒ වගේම මේ සංවත්සරය වෙනුවෙන්ම විශේෂයෙන් නිකුත් කළ Anniversary Update (Version 1.3.0) එක මේ මොහොතේ සිට Google Play Store එක හරහා Download කරගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.


පුරා වසරක් මුළුල්ලෙහි අප සමඟ රැඳී සිටි ඔබ සැමට, අපගේ හද පිරි ප්‍රණාමය පුද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නා අතරම, විටෙක අපිව දිරිමත් කරමින්, විටෙක අඩුපාඩු පෙන්වා දෙමින් මෙම සේවාව ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළ ඔබ සැමට ස්තූතිවන්ත වන්නෙමු.

එමෙන්ම මේ වසරක කාලය මුළුල්ලෙහි මිළ කළ නොහැකි තරමේ වටිනාකමකින් යුතු දැනුම් සම්භාරයක් සහිත ලිපි ඔබ වෙත ගෙන ආ Techie Team එකට ද, නම් වශයෙන් සඳහන් නොකල ද අප වෙනුවෙන් පුවත්පත් වලට, YouTube එකට content create කළ සහෘද පිරිසට ද, අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නෙමු.


පියසටහන්

මුල් කාලයේ සිටම Techie, (මුල් නම Tech News) භාවිතා කරන කෙනෙක් නම්, මේ Techie app එක මූලිකව ඉංග්‍රීසි භාශාවෙන් පමණක් Tech News රැගෙන ආ RSS feed පාදක කරගෙන නිර්මාණය කළ app එකක් වුණු බව මතක ඇති.

Version 1.0.1 vs. Version 1.3.0

එදා සිට අද දක්වා ආ ගමනේදී ඔබේ ප්‍රියතම app එක තව තවත් ඔබට සමීප කරන්නට, ඔබගෙන් ලැබුණු ප්‍රතිචාර අපිට ඉතාමත් වැදගත් වුණා. සිංහලෙන් News ලබාදීම ඇතුලුව App එකේ සහ technews.lk වෙබ් අඩවියේ අන්තර්ගත වන පහසුකම් සියල්ලක්ම පාහේ නිර්මාණය කරන්නට හේතු වුණේ ගෞරවනීය ඔබගේ යෝජනාවන් වලට ගරු කිරීම නිසාවෙන් බව සතුටින් මතක් කළ යුතු වෙනවා.

අපගේ ඉල්ලීමකින් හෝ මැදිහත්වීමකින් තොරව, Techie සේවාව වෙනුවෙන් YouTube එකට video නිර්මාණය කරමින්, පුවත්පත් වලට ලිපි පළ කරමින් පාඨක ඔබ කළ ඇගැයීම මිළ කළ නොහැකි අතර Techie සේවාව හා පාඨකයන් අතර නිර්මාණය වී ඇති හෘදයාංගම බැඳීම ප්‍රස්තුත කිරීමට මෙයට වඩා උදාහරණ අවශ්‍යය වන්නේ නැත.

Techie සේවාවට ලිපි ලියන්නට දායක වන්නේද ඔබෙන්ම පිරිසක් වන නිසාවෙන් ඔබට මෙය තවත් එක් News App එකක් පමණක් නොවන බව මේ වන විට ප්‍රත්‍යක්ෂ වී හමාර වන අතර Facebook, Twitter හා Instagram වැනි සමාජ ජාල ඔස්සේ නිතරම අප සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට කටයුතු කිරීමත්, ඔබේ අදහස් සෘජුවම ප්‍රකාශ කිරීමත් පිළිබඳව අපගේ කෘතඥතාව ප්‍රකාශ කළ යුතු වෙනවා.


GTmetrix report for TechNews.LK
Google PageSpeed Insights Report for TechNews.LK

ආරම්භයේ පටන් ම අප විසින් පළ කරනු ලබන ලිපි වල අන්තර්ගත කරුණු වල ගුණාත්මක භාවය ගැන මෙන්ම, සේවාවේ ගුණාත්මක භාවය ගැනත් විශේෂයෙන් සැළකිලිමත් වුණු අපිට, මේ වන විට App එක වගේම Website එකත් ඊට අදාල best practices වලට අනුකූලව නිර්මාණය කරන්නට හැකියාව ලැබී තිබෙන බව සතුටින් මතක් කරන්නට කැමැත්තෙමු.

මේ වන විට ඔබ භාවිතා කරන මේ Techie සේවාව, ශ්‍රී ලංකාව ඇතුලත භාවිතා කළ හැකි ගුණාත්මක භාවය අතුරින් ඉතාමත්ම ඉහළ සේවාවන් වලින් එකක් බවට පත් කිරීමට හැකියාව ලැබීම ඔබ - අප දෙපාර්ශවයම ලද මහඟු භාග්‍යයක් ලෙස සැළකිය හැකි වෙනවා.

ඉදිරියේදී තවත් වැදගත් වැඩසටහන් රාශියක්ම ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙන අතර පුරා වසරක කාලයක් අප සමඟ රැඳි සිටියාක් මෙන්ම ඉදිරියට ද අප සමඟින් එකතු වී සිටින්නට ගෞරවයෙන් ආරධනා කරන්නෙමු.


Anniversary Update එක ගැන

මේ අලුත් version එක (1.3.0) සමඟින්, App එකට අලුත් පෙනුමක් එකතු කිරීමට කටයුතු කර තිබෙන අතර, ඔබේ පහසුව වෙනුවෙන් විවිධ usability improvements කිහිපයක් ද සිදු කිරීමට ද අපි අමතක කලේ නැහැ.

  • ඔබට ලැබුණු notifications dismiss කිරීමෙන් පසුව access කිරීමේ හැකියාව ලබා දෙන Notification center පහසුකම
  • Notification එකක් හරහා අදාල ලිපිය සෘජුවම විවෘත කරගැනීමේ හැකියාව
  • Web link එකක් මත click කිරීමේදී App එක හරහා අදාල ලිපිය කියවීමේ හැකියාව
  • Automatic Dark mode පහසුකම
  • ලිපි වල ඇති external links, app එකෙන් පිටතට යාමෙන් තොරව නැරඹීමේ පහසුකම
  • ලිපි වල අන්තර්ගත වන Images, zoom කර බැලීමේ හැකියාව
  • ලිපි දර්ශනය කරනු ලබන text size එක වෙනස් කිරීමේ හැකියාව
  • Google Play Instant App පහසුකම
  • Tablet පරිගණක වල භාවිතා කිරීමේ හැකියාව

ඉහත සඳහන් කළ පහසුකම් වලට අමතරව තවත් විවිධ optimization හරහා RAM එක, Battery power එක වගේ දේවල් අඩුවෙන් භාවිතා කරන විදිහට සකස් කරන්නත්, Status-bar, navigation bar වගේ අපතේ ගිය ඉඩකඩ ප්‍රයෝජනවත් ලෙස භාවිතා කළ හැකි immersive mode එක එකතු කරන්නත් අපි කටයුතු කරලා තියනවා.


Notification Center

අලුතින් හඳුන්වාදුන් Notifications පහසුකම හරහා ඔබට ලැබුණු සියළුම notifications, dismiss කිරීමෙන් අනතුරුව, app එක තුලදී නැවතත් access කිරීමේ අවස්ථාව හිමි වෙනවා.


Direct navigation to articles by tapping notifications, web links

Notification එකක් මත tap කිරීමෙන් හෝ, මිතුරෙකු විසින් WhatsApp හෝ එවැනි වෙනත් app එකක් හරහා එවන ලද technews.lk වෙබ් අඩවියට අයත් link එකක් මත tap කිරීමේදී සෘජුවම එම ලිපිය App එක හරහා open වීමේ පහසුකම මේ update එකට ඇතුලත් වී තිබෙනවා.


Automatic dark mode

Dark Mode කියන්නේ ඉතාමත් ප්‍රයෝජනවත් පහසුකමක් වුණත්, නිතරම Settings වලට ගිහින් ඒක මාරු කරන්න වෙන එක ඉතාමත් කරදරකාරී වැඩක් බව app එක භාවිතා කරන විට අපිට තේරුම් ගියා.

ඉතින් අලුතින් හඳුන්වාදෙන Auto කියන option එක select කළ පසු, නැවතත් කිසිඳු අවස්ථාවක Dark Mode එක ගැන හිත හිත ඉන්න දෙයක් නැහැ. ඔබ සිටින ස්ථානයට ඉර බැහැගෙන යන වෙලාවට, ඔබේ ප්‍රියතම App එකත් ස්ව්‍යංක්‍රීයවම Dark Mode එකට මාරු වෙනවා.

මෙතනදි සිහියට ගන්න ඕන දෙයක් තමයි, automatic dark mode පහසුකම වැඩ කරන්නේ ඔබ සිටිනා location එක පදනම් කරගෙන වන අතර මේ පහසුකම නිසියාකාරයෙන් ක්‍රියා කිරීම සඳහා, Location permission එක ලබා දෙන්න ඔබට සිදු වෙනවා.

සමහර විට ඔබ Location permission එක ලබා දෙන්න අකමැති නම්, එවැනි අවස්ථාවකදී මේ Dark mode එක රාත්‍රී 10ට automatically on වෙලා, උදේ 6ට off වෙන විදිහට අපි සකස් කරලා තියනවා.


Preview external links

අපේ ප්‍රධාන අරමුණ, නිතරම අපි කතා කරන context එක ගැන හැකි තරම් තොරතුරු, ඔබට පහසුම වගේම පැහැදිලිම ආකාරයට access කිරීමේ හැකියාව ලබා දීම වන අතර, ඒ වෙනුවෙන් ආරම්භයේ සිටම විවිධ දේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අවශ්‍යය කරන පිටත වෙබ් අඩවි වල Link අපේ ලිපි වලට ඇතුලත් කරන්නට අප කටයුතු කරනවා ඔබ දැනටමත් දැක ඇති.

මේ වනතුරු මෙවැනි external links නැරඹීම සඳහා ඔබගේ default web browser එක භාවිතා කරන්නට සිදු වුණත්, ඒ වගේ දෙයක් පෙන්වීම සඳහා තිබෙන හොඳම/පහසුම ක්‍රමය එය නොවන බව අපිට වැටහුණා.

ඉතින් මේ update එකේ සිට ඕනෑම external link එකක preview එකක් තවත් app එකක් open නොකර, එනම් ලිපියෙන් පිටතට යාමෙන් තොරව නැරඹීමේ හැකියාව ලබා දීමට අපි කටයුතු කරලා තියනවා.

ඒ වගේම අවශ්‍යය නම්, පහළ toolbar එකේ ඇති Open with option එක හරහා අදාල link එක වෙනත් app එකකින් open කරගැනීමේ හැකියාවත් ලබා දී තිබෙනවා.


Image viewer

පරිගණකය භාවිතා කරමින් Website එක හරහා ලිපි කියවන විට Images ඉතාමත් පැහැදිලිව බළාගැනීමේ හැකියාව තිබුණත් App එක භාවිතා කරන විට එම images zoom කර බැලීමට හැකියාවක් නොතිබීම, App එකේ මුල් කාලයේ සිටම තිබුණු තවත් එක් දුර්වලතාවයක් විදිහට අපිට දකින්න පුළුවන් වුණා.

මේ අලුත් update එක සමඟින්, ලිපියක අන්තර්ගත වන image එකක් මත Long tap එහෙමත් නැතිනම් touch කරගෙන සිටීම මගින් අදාල image එක zoom කිරීමේ පහසුකම සහිතව අලුත් popup එකකින් open වන ලෙස සැකසීමට අපි කටයුතු කළා.


Adjustable text sizes

‍බොහෝ විට අපි එකිනෙකා text size එක පිළිබඳව දක්වන්නේ එකිනෙකාට වෙනස් වූ ආකල්පයක්. කෙනෙක් කුඩා අකුරු වලට කැමති වන විට තවත් කෙනෙකු විශාල අකුරු වලට කැමති වෙන්න පුළුවන්.

ඒ කොහොම වුණත්, දැන් ඔබගේ කැමැත්තට අනුව ලිපි පෙන්වන අකුරු වල ප්‍රමාණය Small, Medium හෝ Large ලෙස වෙනස් කරගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.


Google Instant Apps

Google Play Instant Apps ගැන සමහර විට ඔබ මේ වන විටත් දන්නවා ඇති. මේ Instant Apps ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම්, යම්කිසි app එකක් ස්ථාවරව ඔබගේ ජංගම දුරකථනයේ install කරගන්නට කලින්, ඒ App එක හොඳද, නරක ද, ඔබගේ අවශ්‍යයතාවයට ගැලපෙනවාද යන්න දැනගැනීම සඳහා Google සමාගම විසින් හඳුන්වා දෙන ලද අපූරු ක්‍රමයක්.

මේ අනුව Instant Apps භාවිතා කිරීමේ හැකියාව සහිත ජංගම දුරකථනයක් (Android 6.0 හෝ ඊට පසු සංස්කරණයක්) තිබෙනවා නම්, Play Store එකට ගිහින් මේ Instant Apps පහසුකම සහිත apps, Install කරන්න කලින් try කරලා බලන්න ඔබට හැකියාව ලැබෙනවා.

Google Play Store -> Settings-> Google Play Instant හරහා ගොස් ඔබ භාවිතා කරන email account එක select කිරීම මගින් මේ Instant Apps enable කරගැනීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව, අදාල app එක ඔබගේ ජංගම දුරකථනයේ install කර නොමැති වුවත්, ඔබේ මිතුරෙකු technews.lk link එකක් එවන්නට කටයුතු කළහොත්, එම link එක මත tap කළ සැනින් මේ Instant App එක භාවිතා කරමින් open කරගන්න පුළුවන්.

ඉතින් මේ අලුත් version එකත් සමඟින් Google Play Instant Apps සඳහා Techie App එක සහාය දක්වනු ලබන අතර App එක install කරලා නැති වුණත්, App එකෙන් News කියවන්න හැකියාව තිබෙනවා.


Improved App Shortcuts

මීට කලින් නිකුත් කළ update එක හරහා අපි මුලින්ම App Shortcuts පහසුකම එකතු කරන්නට කටයුතු කළ බව ඔබට මතක ඇති. මේ update එක සමඟින් එය තවත් වැඩිදියුණු කරන්නට කටයුතු කර තිබෙන අතර Android 7.1 වලින් පසු සංස්කරණයක් භාවිතා කරනවා නම් මේ පහසුකම භාවිතා කිරීමට ඔබට අවස්ථාව තිබෙනවා.


Optimized for Larger Screens

අලුත් Techie app එක දැන් ජංගම දුරකථනයෙන් ඔබ්බට රැගෙන ගොස් ඔබගේ Tablet පරිගණකය, Android TV එක හෝ වෙනත් ඕනෑම supported Android Device එකක් මත භාවිතා කිරීමේ හැකියාව මේ අලුත් update එකත් සමඟින් ලබා දී තිබෙනවා.


Tips & Tricks
  • ඕනෑම ස්ථානයක ඇති Share button එකක් මත long press කරගෙන සිටීමෙන් ඊට අදාල link එක clipboard එකට copy කරගත හැක.
  • Home screen එක මත දකින්නට ලැබෙන ප්‍රධාන button එක long press කිරීම මගින් තමන් දැනට සිටින tab එක පහසුවෙන් refresh කරගත හැක.
  • News හෝ TechRoom list එකේ පහළට ගමන් කිරීමෙන් අනතුරුව නැවතත් ඉහළට පැමිණීම සඳහා scroll කිරීමට කම්මැලි නම්, ඉහත සඳහන් කළ ප්‍රධාන button එක long tap කිරීම මගින් අදාල list එකේ ඉහළට ස්ව්‍යංක්‍රීයවම scroll වනු ඇත.
  • Notifications දකුණට swipe කිරීම මගින් අදාල notification එක සම්පූර්ණයෙන්ම delete කළ හැක.
  • Image එකක් open කර තිබෙන විට ඒ මත පහලට swipe කිරීම හරහා එය close කර දැමීම කළ හැක.

මේ වගේ ඔයා කැමති පහසුකමක් Techie App එකට එකතු වෙන්න ඕන කියලා හිතනවා නම්, app එකේ Settings වල Suggest an improvement කියන option එක හරහා අනිවාර්යයෙන්ම ඒ ගැන අපිට කියන්න. ඒ වගේම ඔයා App එකට කැමතියි නම්, Rate කරලා Review එකක් දාන්නත් අමතක කරන්න එපා.

අප සමඟ රැඳී සිටි ඔබට, ස්තූතියි! 🙂
Team Techie.