Facebook එකේ group admin ලා හට මේ වෙනකන්ම ඔවුන්ගේ කාලය, මහන්සිය වෙනුවෙන් මුදල්මය වටිනාකමක් ලබාගැනීමට කිසිඳු ආකාරයක් නොතිබුණු බව දැනටමත් අපි දන්න කරුණක්. නමුත් ඔන්න දැන් ඒ ක්‍රමය ටිකක් වෙනස් කරන්න Facebook සමාගම තීරණය කරලා තියනවා.

ඒ අනුව Facebook group වලට මුදල් ගෙවා එකතු වියහැකි ආකාරයේ feature එකක් හඳන්වාදීමට ඔවන් පසුගිය දිනෙක කටයුතු කළා. මේ පහසුකම හරහා group admin කෙනෙකුට ඇමෙරිකානු ඩොලර් 4.99 සිට 29.99 දක්වා වූ මාසික ගාස්තුවක් තම සාමාජිකයන්ගෙන් අය කිරීමට හැකියාවක් ලැබෙනවා.

subscription-groups-facebook-techie

මෙහි මූලික අදියර වශයෙන් Parenting, cooking සහ cleaning පිළිබඳව වෙන groups වලට මේ පහසුකම ලබාදීමට ඔවුන් දැනටමත් කටයුතු කරලා තිබෙනවා. නුදුරු අනාගතයේදීම මෙම පහසුකම සෑම වර්ගයකම group වලට ලබාදීමට ඔවුන් කටයුතු කරන බව වැඩිදුරටත් ඔවුන් පවසා සිටියා.

දැනට නොමිළයේ පවත්වාගෙන යන group ඒ ආකාරයෙන්ම තිබියදී, ඒ යටතේම premium sub-group නිර්මාණය කිරීමටද මේ හරහා group admin වරුන්ට අවස්ථාව හිමි වෙනවා.

මේ හරහා group admin ලා ගේ වටිනා කාලය හා ශ්‍රමය වෙනුවෙන් යම් ආකාරයක ආදායමක් ලබාදීමට Facebook ආයතනය බළාපොරොත්තු වන අතර, මේ මුදල් වලින් Facebook සමාගම කොටසක් ලබාගන්නේ නැති බවත් වැඩි දුරටත් ඔවුන් ප්‍රකාශ කර ඇත. මේ හරහා quality එක වැඩි content වැඩි වශයෙන් නිර්මාණය කිරීමට group admin වරුන්ව දිරිමත් කරවීම ඔවුන්ගේ අදහස වී තිබෙනවා.

Source: Facebook Newsroom