ඔබත් Data ප්‍රශ්ණයට මුහුණ දෙන කෙනෙක් ද? data ප්‍රශ්ණ නම් කෙසේ වෙතත් data නැති ප්‍රශ්ණය නම් මේ වෙනකොට ලංකාවේ අපි හැමෝටම වගේ තියනවා. බොහෝ වෙලාවට අපි ලබාගන්නා data ප්‍රමාණය අප නොදැනුවත්වම වෙනත් app වලින් පරිභෝජනය කිරීම මේකට හේතු වෙනවා.

ඉතින් Google සමාගම විසින් පසුගිය වසරේ මේ වෙනුවෙන් විශේෂ app එකක් නිර්මාණය කළා. මේකේ නම තමයි Datally කියන්නේ. මේ app එක භාවිතා කරලා අපිට පුළුවන් අපේ data අවබාවිතා වෙන එක බොහෝ දුරට නවත්වගන්න. ඉතින් Google සමාගම කියන විදිහට පසුගිය අවුරුද්ද තුළ Datally බාවිතා කළ පුද්ගලයෙකු සාමාන්‍යයයෙන් බාවිතා කරන data වලින් 21% ක් save කරගන්න පුළුවන් වෙලා තිබෙනවා.

datally-techie

ඒ 21% ට අමතරව තවදුරටත් data save කරගන්න පුළුවන් අළුත් ක්‍රම 4ක් ගැන Google සමාගම විසින් පසුගිය දිනක ප්‍රසිද්ධියට පත් කළා. ඉතින් අපි බළමු කොහොමද මේ Datally එක්ක අපේ data තවත් හොඳින් කළමනාකරණය කරගන්නේ කියලා.

Guest Mode

සමහර වෙලාවට, යාළුවෙක් හරි, පවුලේ කෙනෙක් හරි ඔයාගේ phone එක ඉල්ලගෙන මොනවාහරි දෙයක් කරලා නැවත ලබාදෙන විට ඔයාගේ data ටික එයාලා හරහා දැනුවත්ව හෝ නොදැනුවත්වම බාවිතා කරලා තිබෙන අවස්ථා වලට ඔයා මුහුණ දීලා ඇති. ඉතින් අන්න ඒ ප්‍රශ්ණයට උත්තරයක් විදිහට මේ Datally එකේ තියනවා Guest Mode කියලා mode එකක්. වෙන කෙනෙකුට ඔයාගේ phone එක හරහා බාවිතා කරන්නට පුළුවන් උපරිම data ප්‍රමාණය කලින්ම සටහන් කරලා තියන්න ඔයාට මේ app එක හරහා පුළුවන්.

Datally_Limits-techie

Daily Limit

ඔයා මාසිකව ගෙවන ආකාරයට data package එකක් ලබාගෙන තියනවා නම්, බොහෝ වෙලාවට මාසයේ අන්තිම දින කිහිපය වන විට data ඉවර වෙලා කරදරයට පත් වෙලා ඇති. ඉතින් අපිට මේ data ටික දවසකට බාවිතා කළ යුතු සීමාව මැනගන්න විදිහක් තියනවා නම්, ඉතිරි දින වලට data කළමණාකරණය කරගන්න බොහොම පහසු වෙනවා.

ඉතින් මේ Datally app එක හරහා, ඔයා දිනකට බාවිතා කිරීමට අපේක්ෂා කරන data ප්‍රමාණය කලින්ම set කරලා තියන්න පුළුවන් ආකාරයේ පහසුකමක් ලැබෙනවා. ඉතින් ඔයා මේ විදිහට limit එක සැකැසීමෙන් අනතුරුව එම සීමාව ඉක්මවා ගියහොත් warning එකක් පෙන්වීමට හෝ data connection එක block කිරීමට වුවත් මෙහිදී සැකසුම් කර තැබිය හැකි වෙනවා.

Unused Apps

බොහෝ වෙලාවට අපි අපේ smartphone එකේ install කරගෙන ඉන්න හැම app එකක්ම අපි නිතරම බාවිතා කරන්නේ නැහැ නේද? නමුත් අපේ mobile data වලින් 20% පමණ ප්‍රමාණයක් මේ apps වලට අදාල background processes වලින් බාවිතා කරන බව මතකයේ තබාගතයුතුයි.

ඔයා ළඟකදී බාවිතා නොකරන ලද apps වගේම වැඩිපුර data බාවිතා කරන apps හඳුනාගෙන ඒවා එක tap එකකින් ඉවත් කිරීමටත් මේ Datally app එකට පුළුවන්.

Datally_Wi-Fi_Map-techie

Wi-Fi Map

ලංකාවේ අපිට දැන් ටික කාලයකට කලින් free-WiFi ලැබුණනේ. ඉතින් (ඒ වෙනුවෙන්ම) Google සමාගම ගොඩක් මහන්සි වෙලා මේ app එකට එකතු කරලා තියනවා මේ WiFi networks තියන තැන් එකතු කරලා නිර්මාණය කරපු map එකක්.

මේ map එක හරහා ඔයාට ළඟින්ම තියන WiFi networks ගැන, ඒ networks වලට පිවිසෙන method එක වගේ විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයා බාවිතා කරන WiFi networks rate කිරීමටද මේ හරහා ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව හොඳම WiFi network එක තිබෙන ස්ථානය අපිට තීරණය කරන්න පුළුවන්.

බොහෝවිට අපි coffee එකක් බොන්න යන්න තැනක් හොයනවා නම්, ඒ වෙනුවෙන් free WiFi තියන coffee shop එකක් තෝරගන්න අපිට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

Data නැතිව වේලි වේලි ඉන්න අපිට මොන coffee ද කියලා ඔයාලට හිතෙනවා ඇති. නමුත් ලංකාවට එන විදේශිකයෙකුට roaming පහසුකම හරහා ලැබෙන mobile data වෙනුවෙන් අධික මිලක් ගෙවීමට සිදු වෙනවා. නමුත් මේ වගේ map එකක් භාවිතා කිරීමෙන් ඒ mobile data වලට යන මුදල් බොහෝමයක් ඉතිරි කරගැනීමට අවස්ථාවක් ලැබෙනවා. අපි වෙන රටකට ගියත් ඔය දේ ඒ විදිහටම බලපානවා.

Download Datally on Google Play