FEMA වැනි රාජ්‍යය ආයතන හා සම්බන්ධ වෙමින් ඇමෙරිකාව, කැනඩාව, ජපානය හා බ්‍රසීලය වැනි රටවල් ගණනාවක වසර ගණනාවක් තිස්සේ ස්වාභාවික ආපදා පිළිබඳව Google Public Alert program එක හරහා අනතුරු අැඟවීම් සිදු කරන්නට Google සමාගම කටයුතු කළා.

කොහොම නමුත් ඔන්න දැන් Google සමාගමට තනිවම මේ ආකාරයේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට තරම් හැකියාවක් ලැබී තිබෙන අතර ඉන්දියාවේ පැට්නා ප්‍රාන්තය පදනම් කරගෙන ගංවතුර තත්ත්වයන් පිළිබදව මෙවැනි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය නම්, මේ අනාවැකි සියල්ලම පාහේ කෘතීම බුද්ධිය, පැරණි ගංවතුර තත්ත්වයන් හා වර්ෂාපතනය පිළිබඳ තොරතුරු පදනම් කරගෙන නිකුත් කිරීමට කටයුතු කිරීමයි.

ඉන්දියාවේ Central Water Commission එකත් සමඟ එකතු වී අන්‍යෝන්‍ය සහයෝගය මත මෙම පද්ධතිය වැඩිදියුණු කිරීමට දත්ත ලබාගැනීමට Google සමාගම කටයුතු කරන අතර මෙය ඉන්දියාවට ඉතාමත් වැදගත් වන්නේ ලොව ගංවතුර තත්ත්වයන්ගෙන් 20% ක ප්‍රමාණයක් ම සිදු වන්නේ ඉන්දියාව තුල වීම නිසාවෙනුයි.

Google සමාගම විසින් මේ හරහා නුදුරු අනාගතයේදී තවත් රටවල් කිහිපයක් ආවරණය කිරීමට බළාපොරොත්තු වන අතර මේ හරහා ලෝකය පුරාම සිදුවීමට නියමිත ස්වාභාවික ආපදා තත්ත්වයන් හඳුනාගතහැකි ආකාරයට වැඩිදියුණු කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට Google Blog එක සහ theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.