Instagram සමාගම විසින් Instagram platform එකෙහි live video අත්දැකීම් වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර, මේ වනවිට ඔවුන් Instagram හි streaming සම්බන්ධව කුඩා වෙනස්කම් කිහිපයක්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වෙනස්කම් අතර කැපී පෙනෙන වෙනස්කම වන්නේ මීට පෙර live එකක් සඳහා ලබාදී තිබූ පැයක කාල සීමාව පැය 4ක් දක්වා දීර්ඝ කිරීම වන අතර මෙම විශේෂාංගය ලොවපුරා සිටින Instagram පරිශීලකයන් හට මේ වනවිට ලබාගැනීමට හැකියාව ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ඊට අමතරව, ඉදිරියේදී ඔබ live එකක් අවසන් වූ පසුව දින 30 ක් ගතවන තුරු එම live video එක ඔබගේ private archive එකෙහි දැකගැනීමට සහ එය download කරගැනීමට හැකියාවද හිමිවනු ඇත.

අවසාන වශයෙන්, Instagram සමාගම විසින් IGTV වෙත “Live Now” නමින් නව section එකක් හඳුන්වාදී ඇති අතර ඒ හරහා ඔබට එම අවස්ථාවේ stream කෙරෙන live content නැරඹීමට හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.