මේ වසරේ අප්‍රේල් මස 2 වැනිදා සිට Google+ accounts සහ pages ඇතුලුව සියලුම දත්ත දත්ත මකා දැමීමට Google සමාගම කටයුතු කරනු ලබන බව ඔබව දැනුවත් කළා මතක ඇති.

මීළඟ අප්‍රේල් 2 වැනිදා සිට නවත්වා දැමෙන එකම සේවාව Google+ පමණක් නොවන අතර, Google සමාගම විසින් හඳුන්වා දුන් Inbox by Gmail, එහෙමත් නැතිනම් Gmail සඳහා හඳුන්වා දුන් Inbox App එකත් මෙදින සිට නිළ වශයෙන් නවත්වාදැමීමට Google සමාගම කටයුතු කරනු ලබනවා.

Google Inbox officially shutting down in 15 days from Android

මෙම app එක නවත්වාදැමීමට සූදානම් වන බව පසුගිය වසරේදී Google සමාගම තීරණය කරන බව දැනගන්නට ලැබුණත්, මේ වන තුරු ඒ පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශ කර නොතිබූ අතර මාර්තු මාසය අවසන් වීමත් සමඟින් Inbox app එක නවතා දමන බවත්, ඒ වෙනුවට අලුත් Gmail app එක භාවිතා කරන ලෙසත්, Inbox පරිශීලකයන් හට දැනුම්දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

2014 වර්ෂයේ ආරම්භ කරන ලද මේ  Inbox සේවාවේ පැවති බොහෝමයක් විශේෂාංගයන් මෙන්ම තවත් වැඩිදියුණු කළ පහසුකම් ගණනාවක්, මෑතකදී සිදු කරනු ලැබූ Gmail වල re-design එකත් සමඟින් ප්‍රධාන Gmail app එකට එකතු කරන්නට ඔවුන් කටයුතු කර තිබෙන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය, Gadgets360 වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.