ඔයාලට මතක ඇති පසුගිය දවසක අපි Open AI ව්‍යාපෘතියේ OpenAI Five කියන වැඩසටහන ගැන ලිපියකින් සඳහන් කළා.

මේ අනුව මිනිස් මොළය පරදා Dota 2 ක්‍රීඩාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඉතාමත් ක්‍රියාකාරීව පුරුදු පුහුණු වුණු OpenAI Bots ලා සමඟ පැවති තරඟ ත්‍රිත්වයෙන් සියළුම තරඟයන් ජයග්‍රහණය කිරීමට මිනිසුන් ට හැකියාව ලැබුණා.

මේ ලිපිය කියවද්දී අපිට නුපුරුදු පොඩි ගැස්මක් හදවතට දැනුණා නම් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද අපි movies වලින් දැකලා තියන විදිහට මේ කෘතීම බුද්ධිය හා මිනිසුන් අතර ගැටුම් නුදුරු අනාගතේදී news ගොඩකින් අපිට දකින්න ලැබේවි කියලා මේ වෙනකොට අනුමාන කරන්න පුළුවන්.

කොහොම නමුත් එකම අස්වැසිල්ලකට තියෙන්නේ පැවැත්වුණු සියළුම තරඟ වලින් මිනිසුන් ජයග්‍රහණය කිරීම පමණයි. එනමුත් මේ තරඟ අතරතුරදී කෘතීම බුද්ධිය විසින් මෙහෙයවනු ලැබූ bots වලින් ද ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමක් දැකගන්නට ලැබුණු බව වාර්ථා වෙනවා.

ඒ වගේම මේ වෙනුවෙන් මිනිසුන් නියෝජනය කරන්නේ ලොව හොඳම Dota 2 players ලා බවත් මතකයේ තබාගත යුතුයි. එවැනි ක්‍රීඩකයන් අපහසුතාවයට පත් කරන්නට තරම් හැකියාවක් මේ කෘතීම බුද්ධියට ක්‍රීඩාව අතරතුර ලැබී තිබූ බව දැකගන්න පුළුවන් වුණා.

Humans-grab-victory-in-first-of-three-Dota-2-tech-news-sri-lanka

කොහොම වුණත් තවමත් මිනිසුන් තරම් කල්පනා ශක්තිය යොදවමින් උපාය මාර්ග ගැන ගැඹුරින් සිතීමට හෝ තැනට සුදුසු අයුරින් කටයුතු කිරීමට මිනිස් මොළයට ඇති හැකියාව අභිබවා යන්නට මේ කෘතීම බුද්ධියට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

එනමුත් මීට කලින් පැවත් 1v1 තරඟ අතරතුරදී ලොව හොඳම Dota 2 players ලා ව පරාද කිරීමට මේ කෘතීම බුද්ධියට හැකියාව ලැබුණු අතර, මිනිස් මොළ 5ක් සමඟ මෙම තරඟ පැවැත්වීමට හේතු වීමත් මේ bots ලා ගේ පරාද වීමට හේතුවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් වෙනවා.

කොහොම නමුත් මේ තරඟාවලියේ තරඟ වට 5ක් අතරින් තවමත් 3ක් පමණක් අවසන් වී ඇති අතර, මීළඟ තරඟ වටයන් තවත් අසීරු වන්නේ පසුගිය තරඟ වලින් ද මෙම කෘතීම බුද්ධිය පෝෂණය ලබන නිසාවෙනි. එබැවින් මීළඟ තරඟ වට ඉතාමත් තීරණාත්මක වන බව OpenAI කණ්ඩායම පෙන්වා දෙනවා.

මෙම තරඟ කිහිපය මිනිසුන් විසින් ඉතිහාසයේ කෘතීම බුද්ධියක් පරදවා ජයග්‍රහණය ලැබූ අවසන් තරඟ කිහිපය නොවේවායි ප්‍රාර්ථනා කරමු.