සිය මෘදුකාංගය තුළ පවතින දෝෂ නිරාකරණය කිරීම වෙනුවෙන් පැච් නිකුත් කිරීම බොහොමයක් සමාගම් විසින් සිදු කරනු ලබනවා. ලෝකයේ දැවැන්ත තාක්ෂණික සමාගම් සියල්ලම පාහේ මෙසේ තම මෘදුකාංග තුළ පවතින දෝෂ වෙනුවෙන් පැච් ලබාදෙනවා.

Adobe සමාගමේ විශේෂිතම මෘදුකාංගයක් වන්නේ Adobe Photoshop CC මෘදුකාංගයයි. එහි පවතින අනාරක්ෂිත දෝෂ තත්වයක් හදුනාගැනීමෙන් පසුව ඒ සදහා ආරක්ෂිත පැච් නිකුත් කිරීමක් ඊයේ දිනයේදී Adobe සමාගම විසින් සිදු කරනු ලැබුවා.

Microsoft Windows සහ Apple macOS යන මෙහෙයුම් පද්ධතිය සියල්ලටම ගැලපෙන ආකාරයෙන් මෙම පැච් නිකුත් කර ඇති අතර memory corruption ආකාරයේ දුර්වලතාවන් දෙකක් සදහා මෙයින් ආරක්ෂාව සැලසෙනවා.

එම දුර්වලතාවන් දෙක මෙවැනි දුර්වලතාවන් වර්ගකිරීමේ පොදු ආකාරය යටතේ CVE-2018-12810 සහ CVE-2018-12811 ලෙසින් වර්ග කර ඇති අතර Photoshop CC 2018 හි 19.1.5 සංස්කරණය තෙක් වන සියළුම සංස්කරණ වල පවතින මෙම memory corruption දෝෂයට මෙයින් විසදුම් ලැබෙනවා.