Google Allo app එකත් සමඟින් මුලින්ම අපි අතරට පැමිණි මේ Google Assistant මේ වෙනකොට අපි භාවිතා කරනු ලබන බොහෝමයක් සේවාවන් සමඟ එකතු වී එදිනෙදා කටයුතු පහසු කරගැනීමට විවිධ අයුරින් දායක වෙන සේවාවක්.

ඒ වගේම මේ Google Assistant සේවාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් Google සමාගම විසින් සැළකියයුතු පරිශ්‍රමයක් දරනු ලබන බවත් දැකගන්න පුළුවන්.

වාර්ථා වෙන අයුරින් Google සමාගම මේ වන විට මේ Google Assistant සේවාව Android Messages සමඟින් එකතු කිරීම වෙනුවෙන් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

Googlee-Assistant-Android-Messages-1-tech-news-sri-lanka

මෙම අන්තර්ගත කිරීම හරහා මේ වන විටත් ඇති Smart Reply පහසුකම මෙන්ම අදාල message එකට වඩාත්ම ගැලපෙන පිළිතුරට අමතරව එයට සම්බන්ධ වන වෙනත් දෑ ගැන recommendations ලබා දීමට කටයුතු කරනවා.

Googlee-Assistant-Android-Messages-2-tech-news-sri-lanka

උදාහරණයක් වශයෙන් මිතුරෙකු විසින් restaurant එකක් ගැන හෝ ආහාර පිළිබඳව text message එකක් හරහා විමසූ විට එයට අදාල map එක හා වෙනත් තොරතුරු ක්ෂණිකව ලබා දීමට මේ පහසුකමට හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව තවමත් Google සමාගම විසින් නිළ ප්‍රකාශයක් සිදු කර නැතත්, දැනට වාර්ථා වෙන තොරතුරු අනුව SMS වෙනුවට අළුතින් එන RCS සහ Chat පහසුකම් හරහා මේ rich media content සෘජුවම අදාල කෙනාට යවන්නට පුළුවන් විදිහට මේ පහසුකම ගොඩනගන්නට ඔවුන් කටයුතු කරාවි.