Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට Huawei සමාගම විසින් නිර්මාණය කරමින් තිබෙන Harmony OS එක පිලිබඳව ඔබ මේ වන විටත් බොහෝ තොරතුරු දන්නවා ඇති.

Huawei consumer business group එකෙහි අධ්‍යක්ෂක Richard Yu මහතා උපුටා දක්වමින් නවතම වාර්තා පෙන්වා දෙන්නේ Huawei සමාගමේ මෙම නවතම Operating System එක Huawei නිශ්පාදන වල පමණක් නොව, වෙනත් ජංගම දුරකථන නිෂ්පාදකයින් වෙතද ලබාදීමට Huawei සමාගම අදහස් කරගෙන සිටින බවයි.

Huawei සමාගම විසින් දැනටමත් Developers ලා සමඟ එක්ව Harmony OS එක සිය ඇතැම් ජංගම දුරකථන වල පරික්ෂා කරමින් සිටින අතර, මෙම වසර ඇතුළත Huawei ජංගම දුරකථන Harmony OS වෙත මාරු වීමට නියමිතයි.

Harmony OS Stable version එක ලැබෙන දුරකථන මාදිලි පිලිබඳව තොරතුරු නිකුත් කිරීමට Huawei Central වෙබ් අඩවිය කටයුතු කරයි
Huawei සමාගම විසින් Android OS එක වෙනුවට develop කරමින් සිටින OS එකක් වෙනHarmony OS නැතිනම් Hongmeng OS පිලිබඳව අපි කිහිප වරක්ම ඔබව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම මෙම අලුත්ම operating system එකේ පළමු mobile beta version එක එළබෙනදෙසැම්බර් 18 වන දා නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කරමින් සිටින බවද අපි…

යම් හෙයකින් අනාගතයේදී, Hauwei සමාගම මුහුණ දුන් ආකාරයේ සිදුවීමකට වෙනත් චීන ඡංගම දුරකථන නිෂ්පාදකයින්ටද මුහුණදීමට සිදුවුවහොත්, එයින් වන බලපෑම ඉවත් කර ගැනීම මෙම තීරණයේ අරමුණ බව අනුමාන කල හැකියි.

කොහොම වුණත්, දකුණු කොරියාවේ Samsung සමාගම හැරුණු විට, Android ජංගම දුරකථන බහුතරයක් නිෂ්පාදනය කරන්නේ චීන සමාගම් විසින් වන අතර, යම් හෙයකින් මෙම චීන සමාගම් Android වෙනුවට Harmony OS වෙත මාරු වුවහොත් එය Google සමාගමට අති විශාල බලපෑමක් සිදු කරනු නියතයි.

කොහොම වුණත් Huawei සමාගම විසින් developer වරුන් හට ලබාදී තිබුණු Harmony OS 2.0 beta සංස්කරණය Android මත පදනම් වී ඇති බව දැකගත හැකිවූ බව XDA-Developers වෙබ් අඩවිය විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා කරනු ලැබුවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Huawei Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.