Huawei සමාගම විසින් Android OS එක සඳහා විකල්පයක් ලෙස ඔවුන්ගේම OS එකක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, එය HarmonyOS නමින් හඳුන්වාදීමට නියමිතව තිබෙන බවත් ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ වනවිට, Huawei සමාගම විසින් HarmonyOS එක ජුනි මස 2 වෙනිදා එළිදැක්වීමට සූදානමින් සිටින බව ඔවුන්ගේ Weibo account එක හරහා teaser video එකක් පළ කරමින් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එම වීඩියෝව Huawei Mobile නිළ YouTube channel එකේ share කිරීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඉහත video එකෙහි දැක්වෙන ආකාරයට, මෙම event එක 2021 ජුනි 2 වන දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5:30ට (14:00 CEST) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම launch conference එකත් සමඟ HarmonyOS එක එළිදැක්වීමට සමගාමීව නව product එකක් හෝ කිහිපයක් එළිදැක්වීමට නියමිතව ඇති අතර, බොහෝදුරට මෙම නිෂ්පාදනය Huawei MatePad2 device එක වනු ඇතැයි අපේක්ෂා කරන අතර එසේ වුවහොත්, එය HarmonyOS එකත් සමඟ නිකුත් කරන පළමු Huawei device එක වනු ඇත.

Huawei සමාගම මීට පෙර ප්‍රකාශ කර ඇති ආකරයට, ඔවුන් මෙම වසර අවසන් වන විට devices මිලියන 300 ක HarmonyOS එක ධාවනය කිරීමට අපේක්ෂා කරන අතර එයින් තුනෙන් එකක් HarmonyOS එකත් සමඟම නිකුත් කෙරෙන් නව devices වනු ඇතැයි අපේක්ෂා කෙ‍රෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Weibo, GSMArena වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.