සුප්‍රකට DxoMark Camera ranking හි යළිත් මුල් ස්ථානය ලබා ගැනීමට Huawei device එකක් සමත් වී තිබෙන අතර එලෙස සමත් වී ඇත්තේ Huawei සමාගම අලුතෙන්ම හඳුන්වාදෙන ලද සිය flagship "P" series එකේ P50 Pro ජංගම දුරකථනයයි.

Huawei සමාගම පසුගිය වසරේ හඳුන්වාදුන් Huawei Mate 40 Pro+ ජංගම දුරකථනය මෙම ලැයිස්තුවේ බොහෝ කාලයක් මුල් ස්ථානය ලබාගෙන තිබුණු අතර, Xiaomi සමාගම විසින් මීට මාස කිහිපයකට පෙර Xiaomi Mi 11 Ultra දුරකථනය නිකුත් කිරීමත් සමඟ, එම device එක සමස්ත ලකුණු 143 ක් ලබාගනිමින් මෙම ranking එකේ පලමු තැනට පැමිණියා.

නමුත් Huawei P50 Pro ජංගම දුරකථනය හඳුන්වාදීමත් සමඟ එය ලකුණු 144 ක් ලබාගෙන, ලොව විශිෂ්ටතම ජංගම දුරකථන කැමරාව ලෙස මෙම ranking එකේ පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා.

ඒ අනුව Xiaomi Mi 11 Ultra මෙම ලැයිස්තුවේ දෙවෙනි තැනට පත්වූ අතර, පසුගිය වසරේ නිකුත් කල Huawei Mate 40 Pro+ දුරකථනය තුන්වෙනි තැනට පත් වී තිබෙනවා.

Huawei P50 හා P50 Pro ජංගම දුරකථන

Huawei සමාගම විසින් මෙවර Huawei P50 හා P50 Pro ලෙස version දෙකක් පමණක් හඳුන්වා දු අතර මෙම device දෙකම නවතම HarmonyOS 2 Operating system එක ඔස්සේ බලගැන්වෙනවා.

ඒ වගේම Kirin 9000 5nm 4G හා Snapdragon 888 5nm 4G chipset මඟින් බලගන්වා ඇති මෙම මාදිලි දෙකේ Display එක, 1B colors සඳහා සහය දක්වන OLED panel වලින් සමන්විත වෙනවා.

DxoMark Camera ranking හි මුල් තැනට ඒමට සමත් වූ කැමරාව දෙස අවධානය යොමු කිරීමේදී, P50 Pro සඳහා Quad camera setup එකක් දැක ගත හැකියි.

ඒ අනුව

  • 50 MP, f/1.8, 23mm 1/1.28", 1.22µm, omnidirectional PDAF, Laser AF, OIS පහසුකම සහිත Wide lens එකක්,
  • 64 MP, f/3.5, 90mm - PDAF, OIS, 3.5x optical zoom සහිත periscope telephoto lens එකක්,
  • 13 MP, f/2.2, 13mm සහිත Ultrawide lens එකක් හා 40 MP, f/1.6, 23mm ක primary color camera lens එකක් ද

මේ සුපිරි flagship device එකට ලබා දීමට Huawei සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම සුපිරි camera පද්ධතිය Leica optics, Dual-LED flash, panorama, HDR පහසුකම් වලින් සමන්විත වෙන අතර එය 4K@30/60fps, 1080p@30/60fps හා 1080p@960fps Video recording සඳහා සහාය දක්වන අතර Video සඳහා OIS වෙනුවට EIS ලබා දී තිබෙනවා.

Flagship device ලෙස ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වන Apple iPhone 12 Pro Max 5G ජංගම දුරකතනය ලකුණු 130 ක් ලබාගෙන මෙම ලැයිස්තුවේ 9 වන ස්ථානයට පත් වී තිබෙන අතර Samsung Galaxy S21 Ultra 5G දුරකථනය, සමස්ත ලකුණු 123 ක් ලබාගෙන මෙම ලැයිස්තුවේ 19 වන ස්ථානයේ පසුවෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ DxoMark වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.