Huawei හි මීළඟ flagship දුරකථනය මාදිලිය වන Huawei Mate 40 series එක මෙම වසර අග දී නිකුත් වනු ඇති බව තාක්ෂණික තොරතුරු හෙළි කරන බොහෝ දෙනෙකු මත පළ කරනවා.

Huawei සමාගම සිය උපාංග වෙත Hisilicon Kirin නමැති තමන්ගේම chipset භාවිතා කරන අතර ඒවා නිශ්පාදනය කරවා ගන්නේ ලොව දැවැන්ත chipset නිශ්පාදකයෙකු වන TSMC ආයතනය හරහායි.

නමුත් TSMC සමාගම හා Huawei අතර ඇතිව ඇති නව ව්‍යාපාර පසුබිම පිළිබඳව අප ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති.

ප්‍රමුඛ පෙලේ ඇමරිකානු chip නිශ්පාදකයෙකු වන TSMC සමාගම Huawei සමාගමට තවදුරටත් chips සැපයීම අත්හිටුවයි
Huawei සමාගමට පනවා ඇති වෙළඳ තහනම තවත් වසරකට දීර්ඝ කිරීමට ඇමරිකාව විසින් ගත්තීරණයත් සමඟින් චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Huawei සමාගමට, සිය උපාංග වලට chipsetලබාගැනීමට නොහැකිවීමේ ගැටළුවකටද මුහුණ දීමට සිදුවීමේ අවධානමක් ඇති වී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙලේ chip නිශ්පාදනය කරන ඇමරිකානු සමාගමක් වන TSMS (Taiwa…

එහිදී අප සඳහන් කලේ ඇමරිකානු නීති රීති හමුවේ එළැඹෙන සැප්තැම්බර් මාසයෙන් පසුව TSMC සමාගමෙන් chipset ලබා ගැනීමට Huawei සමාගමට නොහැකි වීමේ පුවත වන අතර මේ හේතුව නිසාවෙන් Huawei Mate 40 ජංගම දුරකථනයට කුමන ආකාරයේ chipset එකක් ඇතුලත් වනු ඇද්ද යන්න පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

කොහොම නමුත් තාක්ෂණික තොරතුරු Tweet කරන ජනප්‍රිය Tipster කෙනෙකු වන RODENT950 විසින් Tweet සටහනක් තබමින් කියා සිටින්නේ Huawei Mate 40 ජංගම දුරකථනයේ 5nm process එක යටතේ නිෂ්පාදිත Kirin 1000 chipset එක ඇතුළත් වනු ඇති බව වන අතර මූලිකව මෙය Kirin 1020 chipset එකකින් සමන්විත වනු ඇති බව විශ්වාස කෙරුණා.

එමෙන්ම මේ chipset එක ද, TSMC සමාගම විසින් නිශ්පාදන කරනු ලබන්නක් වන අතර මෙම 5nm Kirin 1000 Chipset එක Cortex-A78 architecture එකට අනුව නිෂ්පාදනය වනු ඇති බව අනුමාන කෙරුණ ද, මේ පිළිබඳව තවමත් වැඩි තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.

මේ වන විට වෙළඳපොල තුළ ඇති ඉහළම මිල පරාසයේ දුරකථන වන iPhone 11 Pro Max, Galaxy S20 Ultra හා Huawei P40 Pro යන මාදිලි වල පමණක් නොව Galaxy Fold හා Mate X වැනි Folding උපාංග වල පවා අන්තර්ගත වන්නේ 7nm හා 7nm+ process යටතේ නිෂ්පාදනය කෙරුණු chipset වන අතර යම් හෙයකින් Huawei සමාගම 5nm chipset එකක් Mate 40 ජංගම දුරකථනය වෙත එකතු කිරීමට කටයුතු කළහොත් එය ලොව පළමු 5nm chipset එක සහිත ජංගම දුරකථනය ලෙස ඉතිහාසගත වනු ඇති.

එමෙන්ම TSMC දැනටම Huawei වෙතින් එන අලුත් chipset orders භාර ගැනීම නවත්වා ඇති අතර Huawei සමාගමට විකල්ප සමාගම වෙත යොමු වීමට සිදු වී තිබෙනවා.

බොහෝ දෙනා අනුමාන කරන්නේ Huawei සමාගම දැවැන්ත කොරියානු සමාගමක් වන Samsung සමාගමෙන් සිය chipset අවශ්‍යතාවය සපුරාගනු ඇති බව වන අතර Samsung සමාගම ද 5nm chipset මහා පරිමාණයෙන් නිශ්පාදනය කිරීම 2020 වර්ෂයේ දෙවැනි කාර්තුවේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Mobile Scout වෙබ් අඩවිය භාවිතා කළ හැක.