සිය උපාංග සඳහා අවශ්‍ය chipset ලබා ගැනීමට සම්බන්ධයෙන් TSMC සමාගම සමඟ ව්‍යාපාර කටයුතු මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට අහිමි වන නිසා Huawei සමාගම මේ වන විට දේශීය සැපයුම්කරුවන් වෙත යොමුවෙමින් සිටිනවා.

ප්‍රමුඛ පෙලේ ඇමරිකානු chip නිශ්පාදකයෙකු වන TSMC සමාගම Huawei සමාගමට තවදුරටත් chips සැපයීම අත්හිටුවයි
Huawei සමාගමට පනවා ඇති වෙළඳ තහනම තවත් වසරකට දීර්ඝ කිරීමට ඇමරිකාව විසින් ගත්තීරණයත් සමඟින් චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Huawei සමාගමට, සිය උපාංග වලට chipsetලබාගැනීමට නොහැකිවීමේ ගැටළුවකටද මුහුණ දීමට සිදුවීමේ අවධානමක් ඇති වී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙලේ chip නිශ්පාදනය කරන ඇමරිකානු සමාගමක් වන TSMS (Taiwa…

එම ඇතැම් සමාගම් සම්ඟ දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇති බවට වාර්තා වන අතර Hisilicon යනුද එවැනි ආකාරයේ Huawei සමාගමටම අනුබද්ධ දැවැන්ත chip නිශ්පාදන සමාගමක් වෙනවා.

මේ Hisilicon සමාගම ආරම්භ කිරීමට නියමිත නවතම වැඩසටහනක් පිළිබඳව මේ වන විට තොරතුරු හෙළි වී තිබෙන අතර ලොව පුරා සිටින IT Degree සහිත පුද්ගලයින් සිය සමාගමට බඳවා ගැනීමට තීරණය කිරීම හා ඔවුන්ට, ඔවුන් විසින් දැනට උපයන මුදල මෙන් පස් ගුණයක වැටුප් ගෙවීමේ යෝජනාවක්ද මේ වැඩසටහන අයත් වෙනවා.

Huawei සමාගම මේ සම්බන්ධයෙන් තොරතුරු සහිත පෝස්ටරයක් ප්‍රදර්ශනය කර ඇති අතර එයට අනුව 2017 වර්ෂයේ ජනවාරි 1 සිට 2021 වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා උපාධිය ලබා ඇති පශ්චාත් උපාධිධාරීන් හෝ ශාස්ත්‍රපති උපාධියක් ඇති පුද්ගලයින් නව බඳවා ගැනීමේ වැඩසටහනට සම්බන්ධ වීමට සුදුසුකම් ලබනවා.

මෙම බඳවා ගැනීම්වල ප්‍රධාන පරමාර්ථය වන්නේ computer software architecture, semiconductor සහ chipset තාක්‍ෂණය ඇතුළු විවිධ ක්‍ෂේත්‍රයන්හි ඇති අභියෝග ජය ගැනීම වෙනවා.

මේ වන විට මෙම වැඩසටහනට නව සාමාජිකයින් බඳවා ගැනීම් සිදුවන අතර මෙම සුදුසුකම් සපුරා ඇති ලොවපුරා සිටින ඕනෑම අයෙකුට මෙම වැඩසටහන සමඟින් සම්බන්ධ විය හැකි බව Huawei සමාගම සඳහන් කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizChina වෙබ් අඩවිය සහ GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.