ලබන වසර වන විට BMW සමාගම විසින් ඔවුන්ගේම voice assistant කෙනෙක් තම මෝටර් රථ වලට එකතු කිරීම වෙනුවෙන් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතිනවා.

මේ අනුව මෑත කාලීනව නිකුත් වූ models කිහිපයක HVAC system එක, ඒ කියන්නේ car එක ඇතුලත කටයුතු මෙහෙයවනු ලබන පද්ධතිය භාවිතා කිරීමට තවදුරටත් steering wheel එකෙන් අත ඉවතට ගැනීමට වුවමනා වෙන්නේ නැහැ.

පසුගිය සැප්තැම්බර් 6 වනදා නිවේදනයක් නිකුත් කරමින් මේ ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයා කියා සිටියේ ලබන වසරේ මාර්තු වන විට ඔවුන්ගේ BMW iDrive මෙහෙයුම් පද්ධතියේ 7.0 වන සංස්කරණට ලබාදෙන update එකක් ලෙස මේ digital assistant ව නිකුත් කිරීමට බළාපොරොත්තු වන බවයි.

බොහෝ වාහන නිෂ්පාදකයින් Amazon Alexa, Microsoft Cortana, හෝ Google Assistant වැනි සේවාවක් භාවිතා කිරීමට කටයුතු කළත්, BMW සමාගම ඔවුන්ගේම assistant සේවාවක් නිර්මාණය කර ඇති අතර අනෙකුත් AI සේවාවන් වල නොමැති unique features මේ පද්ධතිය සතුව ඇති බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මේ අළුත් assistant මූලිකව "Hey BMW" යන විධානයට ප්‍රතිචාර දක්වන අතර මේ වෙනුවෙන් අපි කැමති ආකාරයේ නමක් ලබා දීමට භාවිතා කරන්නාට හැකියාව ලැබෙනවා. මීට අමතරව,

"Hey BMW, I’m too cold..."

වැනි සාමාන්‍යය භාවිතයේදී අපි භාවිතා කරනු ලබන දේ පවා ඉතාමත් හොඳන් තේරුම් ගනිමින් අදාල ආකාරයට උෂ්ණත්වය වෙනස් කිරීම වැනි කටයුතු සිදු කිරීමට මෙයට හැකියාවක් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම සාමාන්‍යයයෙන් Google Assistant හෝ Apple Siri වැනි assistant කෙනෙකුට පිළිතුරු ලබාදිය නොහැකි ආකාරයේ ප්‍රශ්ණ, උදාහරණයක් ලෙස,

"What's the meaning of life..."

වැනි දේට පවා පිළිතුරු දීමට මේ BMW assistant ට හැකියාව ඇති බව BMW සමාගම ප්‍රකාශ කරනවා.

මේ Assistant සේවාව නිකුත් කිරීමෙන් පසුව සෑම AI program එකක් වගේම මේ වැඩසටහනත් කාලයත් සමඟ වැඩිදියුණු වන අතර මේ සේවාව සඳහා නිතරම අළුත් පහසුකම් එකතු කරමින් updates ලබා දීමටත් BMW සමාගම බළාපොරොත්තු වෙනවා.