ලෝකය පුරා ව්‍යාප්තව පවතින ගෝලීය COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ වන විට පුද්ගලයින් 13,019 මිය ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය හේතුවෙන් මිය යන පුද්ගලයන් සිහි කිරීම සඳහා වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. මෙරට කොරෝනා මරණයන් පිලිබඳ අනුස්මරණයක් සිදු කිරීමේ මාර්ගගත ක්‍රියාවලියක් ලෙසයි මෙය ආරම්භ කොට තිබෙන්නේ.

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කණ්ඩායමක් විසින් වන අතර මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ (Tech කතා Podcast එකේ Host කෙනෙකු ලෙස ඔබ හඳුනන) Kaveen Rodrigo නැමැති සහෝදරයා විසිනුයි.

Sri Lanka COVID-19 Memorial
In memory of those we lost to COVID-19 in Sri Lanka
මෙම Link එක හරහා ඔබට එම වෙබ් අඩවියට පිවිසිය හැක.

මෙම වෙබ් අඩවිය තුළදී ඔබට COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මිය ගිය පුද්ගලයින් 761 ගේ දත්ත දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. සෑම පුද්ගලයෙකුටම තමන්ගේම කතාවක් ඇති බවත් අද්විතීය දායාදයක් ඉතිරි කර ඇති බවත් එම වෙබ් අඩවිය තුළ සඳහන් කර තිබෙනවා.

මියගිය සෑම පුද්ගලයෙකුම සංකේතවත් කර ඇත්තේ රජය විසින් සටහන් කර ඇති පරිදි ඔවුන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ඔවුන් කොහේ සිට පැමිණියේ ද යන්න බෙදා දෙන මලක් ලෙසයි. මෙම මිය යාම් පිළිබද ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයද මෙහිදී පරිශීලනය කිරීමේ හැකියාව ලැබෙනවා.

Memorial website to show COVID-19 victims of Sri Lanka - srilankac19memorial.org

මෙහි සදහන් කර ඇති සියලුම තොරතුරු ශ්‍රී ලංකා රජය විසින් තහවුරු කර තිබේ. මෙම දත්ත දත්ත ඇතුළත් කිරීම, පිටපත් ලිවීම, පරිවර්තනය ඇතුළු විවිධ කටයුතු සදහා මෙම ස්වෙච්ඡා කණ්ඩායම සිය දායකත්වය සපයනු ලබනවා. එමෙන්ම MIT License එක යටතේ මෙම වෙබ් අඩවිය GitHub තුළ Opensource Project එකක් ලෙස දැක ගත හැකිය.

GitHub - kaveenr/covid19-memorial-lk-web: Memorial website to show COVID-19 victims of Sri Lanka
Memorial website to show COVID-19 victims of Sri Lanka - GitHub - kaveenr/covid19-memorial-lk-web: Memorial website to show COVID-19 victims of Sri Lanka
Memorial website to show COVID-19 victims of Sri Lanka - GitHub Repository