ලෝකය තුළ ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරයේ යෝධයා වන Mastercard සමග ඩොලර් බිලියන ගණනක් ලබාදීමේ එකගතාව මත රහසිගත ගිවිසුමකට Google ආයතනය එළඹී තිබෙන බව වාර්ථා වෙනවා.

එහිදී Mastercard භාවිතා කර සිදුකරන සියළුම ගණුදෙනු වල තොරතුරු සහ පාරිභෝගික තොරතුරු Google වෙත ලබාදීම මෙම ගණුදෙනුවේ ප්‍රමුඛ අංගයක් වන බව විවිධ මාධ්‍ය වාර්ථා කරනවා. මෙසේ පෞද්ගලික දත්ත තෙවන පාර්ශවයක් වෙත ලබාදීමෙ කෙතරම් සදාචාරාත්මක ද යන්න ගැටළුවක් උවත් ඩොලර් මිලියන ගණනක් හමුවේ මෙම ගණුදෙනුව සිදුවී හමාර බව නම් සත්‍යක්.

වසර හතරක් පුරා මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡාවන් පැවතී තිබෙන අතර දෙනට හදුනාගෙන ‌‌‌‌න‌ොමැති පුද්ගලයින් හතරදෙන‌ෙකු විසින් මෙම ගණුදෙනුවට අදාළ ලියකියවිලි අත්සන් කර ති‌බෙනවා.

මේ අනුව දැනට ඇමෙරිකාවේදී සිදුවන සියළුම Mastercard  ගණුදෙනු වලට අදාළ තොරතුරු encrypt කර Google ආයතනය වෙත ලබාදෙනු ලැබේ. ඉදිරියේදී ලෝකය පුරාම මෙසේ සිදුවන ගණුදෙනු වලට සම්බන්ධ තොරතුරු Google ආයතනය වෙත ලබාදීමට නියමිත බවයි පෙනී යන්නේ.