අලුත් අලුත් smartphone නිකුත් වෙනකොට මෑතකදී පාරිභෝගිකයන්ට විදින්න වුන ගැටලුවක් තමයි ෆෝන් එකේ 3.5mm headphone port එක නැති වුන එක.

ඒ කියන්නේ අපේ wired headset එක ෆෝන් එකට සම්බන්ධ කරන්න බැරි උන එක. මේ අලුත් trend එක මුලින්ම පටන් ගත්තේ Motorola Moto Z කියන smartphone එකෙන්. ඊටපස්සේ ඇපල් iPhone 7 සහ 7 Plus, Google Pixel 2 වැනි smartphone රාශියක මේ විදිහට headphone jack එක ඉවත් කරන්නට කටයුතු කළා.

ඉතින් මේ ප්‍රශ්නයට ප්‍රධාන විසඳුම ලෙස Bluetooth තාක්ශණය භාවිතා කරන wireless headset භාවිතා කිරීම හඳුන්වා දුන් ජංගම දුරකථන නිෂ්පාදකයින් ඊට අමතර option එකක් ලෙස headphone dongle එකක් භාවිතා කිරීම හඳුන්වා දෙන්නට කටයුතු කළා.

මේ වෙනකම් Google සමාගමේ විකිණීමට තිබුන dongle එක $9ක මුදලකට අලෙවි කරන්නට කටයුතු යෙදුණු නමුත් මොවුන් අලුතෙන් නිකුත් කර තිබෙන Headphone dongle එකට $12 ක මිලක් නියම කර තිබෙනවා.

මේ උපාංගයේ වෙනස වන්නේ පෙර පැවති dongle එකට වඩා සිහින් වීම, වේගවත් වීම හා බැටරිය අඩුවෙන් භාවිතා කිරීම ලෙස ඔවුන් පෙන්වා දෙන අතර කලින් උපාංගයට වඩා 38%ක වැඩි කාලයක් තිස්සේ සංගීතයට සවන් දීමට මෙයින් හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අනුව Google සමාගමේ මිළ ගණන් මෙයට සමාන Apple නිෂ්පාදනයක් වන ඔවුන්ගේ headphone adapter එකට වඩා වැඩි මිළකට අලෙවි කිරීමට නියමිත වී ඇති අතර මෙම adapter එක හැර වෙනත් පිළිසරණක් නැති බැවින් වැඩි මුදලක් ගෙවා මෙය මිළදී ගැනීමට පාරිභෝගිකයන්ට සිදු වෙනවා.

ඇත්තටම කලින් තිබුන dongle එක වෙනුවට නව නිශ්පාදනයක් හදුන්වා දුන්න එකේ අරමුණක් පෙනෙන්නට නැතත් Google සමාගමේ මීළඟ event එකේදී මෙයට යම්කිසි අර්ථාන්විත හේතුවක් දැකගතහැකි වේවි යැයි බොහෝ දෙනවා පවසනවා.